IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කර ආදායම ඉහළ නැංවීම අපේ අරමුණයි

(හර්ෂණ තුෂාර සිල්වා)

“ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිස අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම තුළින් රටේ ආදායම් ඉහල නංවන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

“ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ අවසන් ඉලක්කය ගොවීන්ගේ ආදායම් වැඩිකිරීම” යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු පැවැසීය.

වසර හතරහමාරක කාලයකදී දියත් වන ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 14.1 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.1) කි. 

කොළඹ - මුවන්පික්හිදී උත්සවය පැවැත්විණි.

ඉන්ටනැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
“අද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර මත ක්‍රියාත්මක වෙන වෙළෙඳපොළ ඉලක්කගත කිරි නිෂ්පාදන වැඩසටහනයි. මෙය විශේෂ ව්‍යාපෘතියයි.

රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවියන්ට තම නිෂ්පාදන වැඩි කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. එක් කිරි ගවයෙකුගෙන් ගත හැකිවන්නේ කිරි ලීටර් 5ක පමණ ප්‍රමාණයයි. නිෂ්පාදනය වැඩිකරමින් එය ලීටර් 10 දක්වා වැඩි කිරීමට ව්‍යාපෘතිය යටතේ කටයුතු කෙරෙනවා.

කිරි නිෂ්පාදනය වැඩිකිරීමේ පළමු පියවර ලෙස මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවිය යුතුයි. කිරි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ මූලිකත්වය ගෙන තිබෙන්නේ ප්‍රමුඛපෙළෙහි සමාගම් සහ විශාල කිරි පට්ටි සහිත කිරි ගොවීනුයි. නමුත් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය ලීටර් 4කටත් වඩා අඩු වන අවස්ථා තිබෙනවා.
අපේ පළමු පියවර වන්නේ කුඩා කිරි ගොවීන්ට ලීටර් 8-10 අතර කිරි නිෂ්පාදනය පළමුවෙන් ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි. පළමු පියවර සාර්ථක කරගත් විට ඉදිරියට යාම දුෂ්කර වන්නේ නැහැ.

රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අප කටයුතු කරනවා. කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන් තොටුපළ ආදී සියලු අංශවල නවීකරණය කිරීම අප බලාපොරොත්තුවයි.

ඒ වගේම රටේ ජනගහනයෙන් විශාල කොටසකට බලපාන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අප කටයුතු කරනවා. ගොවීන්ට වැඩි ආදායමක් දීමටත් කටයුතු කරනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අපේ ආණ්ඩුව ඒ වැඩ කටයුතු ඉටු කරනවා. වාරිමාර්ග, ගම්මාන ආදිය දියුණු කරන අතරම කිරි ගොවීන් වෙතද අපේ අවධානය යොමු කරනවා.

කිරි නිෂ්පාදනය හරහා රටේ ආදායම ඉහළ යනවා. පසුගිය අඟහරුවාදා ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අප ආරම්භ කළා. අද මේ වැඩසටහන ආරම්භ කිරීමට හැකි වුණා.

සියල්ල හරහා බලාපොරොත්තු වන්නේ නිෂ්පාදනය වැඩි කිරීමයි. මේ සඳහා ඇමරිකානු තානාපතිතුමා සහ අපේ නව ඇමැතිතුමා විශාල උත්සාහයක් ගත් බව මා දන්නවා.

නිදහස ලබාගැනීමටත් පෙර සිට ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර විශාල සම්බන්ධය තිබෙනවා. ඒ සම්බන්ධතා හරහා අපට විවිධ ආකාරයෙන් සහයෝගය ලැබුණා. වර්තමානයේත් ඒ සම්බන්ධතා ගනිමින් අප ඉදිරියට යනවා.

ඇමරිකාවේ ආධාර සහයෝගය සහ මිත්‍රත්වය අප සෑමවිටම අගය කරනවා. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති තුළින් රටවල් දෙක අතර ඇති සම්බන්ධතාවයේ පදනම තවත් ශක්තිමත් වනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙසේ කීය.
“ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන විශාලතම කිරි නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යාපෘතිය මෙයයි.

ඇමරිකා එක්සත් ජනපදය ගෝලීයව මෙන්ම කලාපීයව ආර්ථික කටයුතුවල නිරත වෙනවා. වසර 1956 සිට ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් විවිධ ආකාරවලින් සහාය දී තිබෙනවා. 

පසුගිය හැට වසරක කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකිකයන්ගේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2.000කට (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2 කට වැඩි මුදල) වැය කර තිබෙනවා. එයින් වැඩි මුදල ආධාර වශයෙන්ද, ඇතැම් මුදල් සහනාධාර ලෙසින් ද දී තිබෙනවා. ආපදා අවස්ථාවලදී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බොහෝ දේ කළා.”

රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

 



අදහස් (3)

ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කර ආදායම ඉහළ නැංවීම අපේ අරමුණයි

Senarath Wednesday, 23 May 2018 09:27 AM

දැනට අවුරුදු 5 න් 3ක්ම ඉවරයිනේ , තවමත් මෙයා කථා කරන්නේ අරමුණු ගැන විතරයි. දැන් භූමි තෙල් මිල නිසා ආර්ථිකය කෙසේ වෙතත් ගම නවීකරණය වේවි.

:       0       145

surath Wednesday, 23 May 2018 01:10 PM

පචබාහු යලිත් කරලියට ඇවිත් කැරට් අල පෙන්නනවා.

:       0       81

DD Monday, 28 May 2018 03:00 AM

ඔහේලා තවත් හිටියොත් රටේ මිනිසුන්ට කන්න වෙන්නේ වහ! විලිලෑජ්ජ නෑද්ද දෙයියනේ.? ඔහේගේ බොරු පොරොන්දු අහල වමනේ යන්න එනවා. ඔහේගේ පොරොන්දු මිනිසුන්ගේ බඩ පුරවන්නේත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 738 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 898 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 373 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site