2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
0 284
නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය වෙරළ තීරයට අද (6) ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇතැයි කල්පිටිය වන ජීවී කාර්යාලය පවස යි.
0 306
වාරියපොල මාමුණුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද (01) සවස ගින්නක් ඇතිවී බරපතල ලෙස හානියට පත්ව ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
0 195
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් බව කියන වන ව්‍යාප්ති නිලධාරියකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
0 260
තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
0 162
පොළොන්නරුව හතමුණ හරහා හිඟුක්ගොඩ මාර්ගයේ නයිපෙන විහාරය අසලදී අද(17) යතුරු පැදියක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
0 62
ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ සේවකයන් අද (17) දින 6 සිට දහවල් සිදුකළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
0 68
පොලොන්නරුව,ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ සියළුම කාර්ය මණ්ඩල අද (15) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතව සිටින බව මින්නේරිය පොලිසිය පවසයි.
0 399
පාසැල නිමවී සිය නිවෙස බලා යමින් සිටි 12 හැවිරිදි පාසැල් සිසුවියක අද (11) පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේදී ලොරියක ගැටී මරුමුවට පත්වී ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
0 81
වනජීවී දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත පවරා ගනු ලැබූ තම ඉඩම් වගා කිරීම සඳහා නැවත ලබාදෙන ලෙස ඉල්ලා පොලොන්නරුව, වේරෝඩයාය සහ විලාඩිමඩුයාය යන ප්‍රදේශවල ගොවීහු පිරිසක් අද (10) උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
0 159
අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිසක් සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් අද(09)සේවයෙන් ඉවත්වීම නිසා රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.
0 145
අනුරාධපුර, පුලියන්කුලම, උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 51 හැවිරිදි පවුල් සෞඛ්‍ය සේවිකාවක් බස් රථයකට යටවීමෙන් අද(08) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
0 294
දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
0 313
හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයෙදි අද (03) සිදු වු ලොරි රථ දෙකක් සහ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් මව සහ පුතා යන දෙදෙනාම එම ස්ථානයෙදිම මරණයට පත්ව ඇති බව හබරණ පොලිසිය පවසයි.
0 107
වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් අද (31) වන අලියෙකු මරුමුවට පත්වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
0 298
මැදිරිගිරිය, බිසෝපුර, දහම්වැව ප්‍රදේශයේ ගෙවත්තක පිටුපස පිහිටි කුඹුරක වගාකර ඇති බඩඉරිඟු වගාවක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් වන අලි දෙදෙනෙකු අද (30) මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
0 280
මහකනදරා වැවේ ජලය පිරී තිබිය දි කුඹුරු අක්කර 6250ක් වගා නොකිරීමෙන් ජාතික ආදායමට ලැබීමට තිබූ වී කිලෝ 1,25,00,000ක් ද රඹෑව ගොවිජනතාවට ලැබීමට තිබූ රුපියල් කෝටි 65ක ආදායමක් ද අහිමි වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නන්දසේන මහතා කියයි.
0 93
අවම සුදුසුකම් සපුරා නැති සේවකයන් රෝහල් සේවයට බඳවා නොගන්නා ලෙසටත් පැරණි සේවකයන් ස්ථිර කරන ලෙසටත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ උපස්ථායක සේවක සේවිකාවෝ පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි අද(25) උද්ඝෝෂණයක නිරතවුහ.
0 63
භාෂණයේ නිදහස ඉල්ලා සමගි ජන බල වේගයේ ආධාරකරුවෝ පිරිසක් පොළොන්නරුව කඳුරුවෙල දුම්රිය නැවතුම්පොළ අසල අද(25) විරෝධතාවයක නියැලිණි.
0 134
බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව කඳන් 32 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (23) පැවසීය.
0 455
කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා දින 14ක පමණ කාලයක් අගුලු දමාතිබූ පොළොන්නරුව, කදුරුවෙල නගරය අද(21) පෙරවරුවේ සිට නැවත විවෘත කිරීමට උපදෙස් දුන් බව පොළොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
0 545
ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20) සිට දින තුනක් වසා දමා තිබේ.
0 106
මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයට නීතිවිරෝධී ලෙස බැහැර කිරීමේ චෝදනාවකට අධිකරණයේ දී වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියක් 75,000ක දඩයක් ගෙවන ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (19) නියෝග කළේය.
0 108
පොළොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පස්වෙනි වරටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අද (18) පෙරවරුවේ විවෘත කර තිබේ. වාන් දොරටු 10න් 4ක් අඩිය බැගින් විවෘත කළ බව පොළොන්නරුව කලාපබාර වාරි අධ්‍යක්ෂක එස්. කේ. හේවාගම මහතා පැවසීය.
0 121
වනජීවී කලාපයක පිහිටි අනුරාධපුර, පලාගල, මහ හුරුල්ලෑවේ පුරා විද්‍යා ස්මාරකය සහිතබිමේ මැනුම් කටයුතු ඉක්මණින් සිදුකර එය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට පියවර ගන්නැයි ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරින්ට හා පොලිසියට අද(17) උපදෙස් දුන්නේය.
0 236
අංගම්මැඩල්ල ජාතික වනෝද්‍යානයේ විසූ අලි පැටවෙකු පොළොන්නරුව ජයන්තිපුර, නිකවැව ප්‍රදේශයේදී අද (17) වෙඩි වැදී බරපතල තුවාල ලබා ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
0 296
වරෙන්තු 07ක් සහිත දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ, නිකවැරටියේ සැකකරුවෙකු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව සැඟවී සිට යළි මෙරටට පැමිණ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය අද (16) පැවසීය.
0 278
අධික වර්ෂාව හේතුවෙන් මින්නේරිය ජලාශය මේවනවිට වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
0 232
පොලොන්නරුව,කදුරුවෙල නගරයේ දැනට අගුළු දමා ඇති කොටසේ නිරෝධායනය වන පිරිස අතුරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු අද(12) දිනයේ හමුවූ බව පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
0 56
කවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් විවෘත කලත් වැවට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවිමෙන් අද (12) දින තවත් දොරටු හතරක් අඩි එක බැගින් විවෘත කළ අතර කළ බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පි ජි දඹෝරගම මහතා පවසයි.
0 137
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.