(ඩයනා උදයංගනී)
පසුගිය රජය සමයේ කළ සැපයුම් හා කොන්ත‍්‍රාත් කටයුතු වෙනුවෙන් වන ගෙවීම් සිදුකිරීම සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සම්මත කරගැනීමට ඉඩ නොදීම වරදක් බව දැන්වත් වැටහෙනවා නම් දැන් හෝ එය නිවැරදි කිරීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට තිබෙන බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසිරවීමට පෙර කතානායකවරයා හමුවී පාර්ලිමේන්තුව රැස්කර යෝජනාව සම්මත කරදීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට හැකි බව ද ඇමතිවරයා කීවේය.
මෙම යෝජනාව සම්මත නොවීමෙන් පීඩාවට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ සැපයුම් හා කොන්ත‍්‍රාත් කළ එම පක්‍ෂයට හිතවත් අය බැවින් කතානායකවරයා හෝ විපක්‍ෂය හමුවී මේ සම්බන්ධ පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට දෝෂාරෝපණය කිරීමෙන්ම පෙනෙනවා මේ රජයේ නොහැකියාව....
ඔය දෙගොල්ලෝ කතා කරන්නේ මහාචාර්යවරු වගේ... තවමත් බැරිවුණා එ්ක බිලක් නිවැරදි කරගන්න. පැරදිලා යන්න ප්‍රථම. ඔය නුගත් නඩේට ඕවා කරන්න තේරෙන්නේ නැත්නම්. පහේ ශිෂ්‍යත්වය. ඉහළින් සමත් දරුවන්ට මේ බිල් ටික දෙන්න. වැටුපක් නොමැතිව. ලස්සනට ගිය වියදම් පොකට්ටුවට ගිය වියදම් නම් ගම් ඇතිව පෙන්නලා දෙයි.. ඒ කියන්නේ පිට රටට ගණකාධිවරුන් ලංකාවෙන් බිහිකරලා අරිනවලු... ඒ රටත් ඉවරයි ලංකාව හොම්බෙන් යන්නේ... ඒත් කිසිවෙක් මුකුත් කියන්නේ නැහැ. යෝධබලය වැඩි වෙන්න කියලා පිරිත් කියමින් නුල් බඳිනවා. පිට රටකට ගිහින් මේ විදියට හොරාකෑවොත් ජීවිත කාලයම හිර ගෙදර තමයි.
එජාප කට්ටියගේ බිල් ගෙවන්න ඔයා මොකටද කරදර වෙන්න? ටිකක් ප්‍රමාද කරන්නකෝ. 2/3 ගන්න එයාලගේ උදව් ඕනි නේද ? අනේ මහාචාර්යතුමා. අපි ගොන් කියලද හිතන්නේ ?
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එයාර් බස් ඩීල් එක දැම්මානම් ඔය සුලු මුදල් අනුමැතිය මොන කජ්ජක්ද ?
බෝලේ පාස් කළාට වැඩක් නෑ. විසදුම හරි එක්කෙනාට ගන්න බොරු නොකර.........
මේ අය බලය ගත්ත දා පටන් ගහන්නේ බොරු බයිලා. දැන් පහුගිය රජයට වැරදි පටවලා වැඩක් නැහැ. කයිය ගහආ බලයට ආවනම් දැන් අරක නැහැ මේක නැහැ කියල වැඩක් නැහැනේ.
ඡන්දෙකට දැම්මේ නෑ නේ දිනනවද පරදිනවද බලන්න ? මේකට කියන්නේ BLAME GAME කියලා.
දැන් කොන්ත්‍රාත් සමාගම් සේරම ඉවරද? බින්දුවටම වැල්ලද? මොන පිස්සුද ? 400% ක් විතර ලාබ ඇතුව තමයි ඒ ගොල්ලන්ගේ BOQ හදන්නේ ඊට අමතර මිල වැඩිවෙන විට එකටත් % ගානක් ලැබෙනවා ඔය ගෙවන කෝටි ගානෙන් ඇත්තටම රටේ සම්පත් වලට එකතු වෙන්නේ 1/4 ක් පමණයි.
පසුගිය රජය වැඩ කළේ නැහැ රට කඩාවැටිලා කියල කෑගහපු කට්ටියම දැන් කියනවා පසුගිය රජය කල වැඩ වලට ගෙවන්න තියනවා කියලා. මේ කණඩායම් දෙකෙන් ඇත්ත කියන්නේ කව්ද කියල කොහොමද දැනගන්නේ ?
පරණ ටියුෂන් කාරයනේ. මොනවා හරි බොරුවක් කියල ගොඩ යන්න පුළුවන් දේවල් නොවෙයි රටේ ආර්ථිකය කියලා දැන් තේරෙනවා ඇති. මෙයා කටින් බතල කොළ හිටවන කෙනෙක් විනා ප්‍රයෝගික න්‍යයාචාර්යවරයෙක් නොවේ. මතකනේ රු. 2500/= කින් මාසයක් ගතකරන හැටි කියලා දුන්න බාස්මති බතුත් සතියට දවසක් කාලා. පච නොවී හොඳින් කතා කරලා විසඳුමක් හොයනවා වෙනුවට ගේම ඉල්ලන්න ගියාම කාටත් වෙන්නේ මෙහෙම තමා.