IMG-LOGO

‘සිදුවූයේ වරදක් බව වැටහෙනවා නම් නිවැරදි කරගත හැකියි’

(ඩයනා උදයංගනී)

පසුගිය රජය සමයේ කළ සැපයුම් හා කොන්ත‍්‍රාත් කටයුතු වෙනුවෙන් වන ගෙවීම් සිදුකිරීම සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සම්මත කරගැනීමට ඉඩ නොදීම වරදක් බව දැන්වත් වැටහෙනවා නම් දැන් හෝ එය නිවැරදි කිරීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට තිබෙන බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසිරවීමට පෙර කතානායකවරයා හමුවී පාර්ලිමේන්තුව රැස්කර යෝජනාව සම්මත කරදීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට හැකි බව ද  ඇමතිවරයා කීවේය.

මෙම යෝජනාව සම්මත නොවීමෙන් පීඩාවට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ සැපයුම් හා කොන්ත‍්‍රාත් කළ එම පක්‍ෂයට හිතවත් අය බැවින් කතානායකවරයා හෝ විපක්‍ෂය හමුවී මේ සම්බන්ධ පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (16)

‘සිදුවූයේ වරදක් බව වැටහෙනවා නම් නිවැරදි කරගත හැකියි’

ලියනගේ Monday, 24 February 2020 02:50 PM

විපක්ෂයට දෝෂාරෝපණය කිරීමෙන්ම පෙනෙනවා මේ රජයේ නොහැකියාව....

:       541       1082

BamunuarachchiTuesday, 25 February 2020 12:43 AM

පාර්ලිමේන්තුව විසිරවීමට පෙර කතානායකවරයා හමුවී පාර්ලිමේන්තුව රැස්කර යෝජනාව සම්මත කරදීමේ හැකියාව විපක්‍ෂ නායකවරයාට හැකි උවත් මේ හදිසියේ මුදල් ඉල්ලා සිටින්නේ ඉදිරි මැතිවරණයට වියදම් කිරීමට බව හොදින්ම පෙනේ. සිදුවිමට ගිය විශාල වරද විපක්ෂය විසින් නිවැරදි කොට ඇත.

:       0       11

arunaTuesday, 25 February 2020 03:32 AM

මේක සුළුතර භාරකාර ආණ්ඩුවක් නිසා පනත් සම්මත කරන්න ආණ්ඩුවට බැරි බව තේරුම් ගන්න.

:       13       67

athuraTuesday, 25 February 2020 03:56 AM

සහතික ඇත්ත මහත්මයා. ඕකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.

:       0       5

BamunuarachchiTuesday, 25 February 2020 03:59 AM

මොකක්ද ඒ කතාව? මම හිතුවේ නැහැ යහපාලක හෙන්චයියෝ මේ වගේ කියලා. යහපාලකයෝ ඔවුන්ගේ මිනිසුන්ගෙන්ම වැඩ අරගෙන ගාස්තු නොදී පැනලා ගිහිල්ලා. මේ ආණ්ඩුවට කියන්න තිබෙන්නේ යන්න කොන්ත්‍රාත් දීපු අයගේ ගෙවල් වලට ගාස්තු ඉල්ලාගෙන කියලා.

:       127       103

ass charyaTuesday, 25 February 2020 08:14 AM

ඔවු ඔය බමුණා කියන විදිහට කරානම් ඉවරයිනේ.

:       0       2

BamunuarachchiTuesday, 25 February 2020 12:25 PM

ඔහෙත් මිනිසුන්ගෙන් වැඩ අරගෙන ගාස්තු නොදී පැනලා ගියානම් වෙන්නේ ගේ ගාව මිනිස්සු පිරෙන එකයි. එහෙම කරලා බලන්නකෝ.

:       1       0

Chathuri Monday, 24 February 2020 03:33 PM

ඔය දෙගොල්ලෝ කතා කරන්නේ මහාචාර්යවරු වගේ... තවමත් බැරිවුණා එ්ක බිලක් නිවැරදි කරගන්න. පැරදිලා යන්න ප්‍රථම. ඔය නුගත් නඩේට ඕවා කරන්න තේරෙන්නේ නැත්නම්. පහේ ශිෂ්‍යත්වය. ඉහළින් සමත් දරුවන්ට මේ බිල් ටික දෙන්න. වැටුපක් නොමැතිව. ලස්සනට ගිය වියදම් පොකට්ටුවට ගිය වියදම් නම් ගම් ඇතිව පෙන්නලා දෙයි.. ඒ කියන්නේ පිට රටට ගණකාධිවරුන් ලංකාවෙන් බිහිකරලා අරිනවලු... ඒ රටත් ඉවරයි ලංකාව හොම්බෙන් යන්නේ... ඒත් කිසිවෙක් මුකුත් කියන්නේ නැහැ. යෝධබලය වැඩි වෙන්න කියලා පිරිත් කියමින් නුල් බඳිනවා. පිට රටකට ගිහින් මේ විදියට හොරාකෑවොත් ජීවිත කාලයම හිර ගෙදර තමයි.

:       62       714

Dirt Monday, 24 February 2020 04:34 PM

එජාප කට්ටියගේ බිල් ගෙවන්න ඔයා මොකටද කරදර වෙන්න? ටිකක් ප්‍රමාද කරන්නකෝ. 2/3 ගන්න එයාලගේ උදව් ඕනි නේද ? අනේ මහාචාර්යතුමා. අපි ගොන් කියලද හිතන්නේ ?

:       0       1

සඳුන් Monday, 24 February 2020 04:46 PM

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එයාර් බස් ඩීල් එක දැම්මානම් ඔය සුලු මුදල් අනුමැතිය මොන කජ්ජක්ද ?

:       0       0

Asanga Tuesday, 25 February 2020 12:31 AM

බෝලේ පාස් කළාට වැඩක් නෑ. විසදුම හරි එක්කෙනාට ගන්න බොරු නොකර.........

:       0       1

vijitha Tuesday, 25 February 2020 12:38 AM

මේ අය බලය ගත්ත දා පටන් ගහන්නේ බොරු බයිලා. දැන් පහුගිය රජයට වැරදි පටවලා වැඩක් නැහැ. කයිය ගහආ බලයට ආවනම් දැන් අරක නැහැ මේක නැහැ කියල වැඩක් නැහැනේ.

:       0       17

රමල් Tuesday, 25 February 2020 01:24 AM

ඡන්දෙකට දැම්මේ නෑ නේ දිනනවද පරදිනවද බලන්න ? මේකට කියන්නේ BLAME GAME කියලා.

:       0       5

mahinda Tuesday, 25 February 2020 01:25 AM

දැන් කොන්ත්‍රාත් සමාගම් සේරම ඉවරද? බින්දුවටම වැල්ලද? මොන පිස්සුද ? 400% ක් විතර ලාබ ඇතුව තමයි ඒ ගොල්ලන්ගේ BOQ හදන්නේ ඊට අමතර මිල වැඩිවෙන විට එකටත් % ගානක් ලැබෙනවා ඔය ගෙවන කෝටි ගානෙන් ඇත්තටම රටේ සම්පත් වලට එකතු වෙන්නේ 1/4 ක් පමණයි.

:       0       5

denin Tuesday, 25 February 2020 01:45 AM

පසුගිය රජය වැඩ කළේ නැහැ රට කඩාවැටිලා කියල කෑගහපු කට්ටියම දැන් කියනවා පසුගිය රජය කල වැඩ වලට ගෙවන්න තියනවා කියලා. මේ කණඩායම් දෙකෙන් ඇත්ත කියන්නේ කව්ද කියල කොහොමද දැනගන්නේ ?

:       0       17

lalithm Tuesday, 25 February 2020 04:43 AM

පරණ ටියුෂන් කාරයනේ. මොනවා හරි බොරුවක් කියල ගොඩ යන්න පුළුවන් දේවල් නොවෙයි රටේ ආර්ථිකය කියලා දැන් තේරෙනවා ඇති. මෙයා කටින් බතල කොළ හිටවන කෙනෙක් විනා ප්‍රයෝගික න්‍යයාචාර්යවරයෙක් නොවේ. මතකනේ රු. 2500/= කින් මාසයක් ගතකරන හැටි කියලා දුන්න බාස්මති බතුත් සතියට දවසක් කාලා. පච නොවී හොඳින් කතා කරලා විසඳුමක් හොයනවා වෙනුවට ගේම ඉල්ලන්න ගියාම කාටත් වෙන්නේ මෙහෙම තමා.

:       0       214

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site