IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වසර 32කට පසු යුක්තිය ඉටුවෙයි

(දිලීප් ජයසේකර)  
                                         
තිස්සමහාරාම වීරවිලදී අවුරුදු 32කට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද(11) මරණ දඬුවම නියම කළේය.   
              
මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ වීරවිල පදිංචි 69 හැවිරිදි ශේක් මර්සුක් නොහොත් සෙයි චුට්ටා නැමති සත් දරු පියෙකුටය.    
                                               
සැකකරු ඔහුගේ ඥාති පුතුන් දෙදෙනෙකු සමඟ ගවයින් මිලදීගැනීමට 1987 මාර්තු 02 දින වීරවිලට ගොස් ගවයින් සොරකම් කිරීමට යාම නිසා ඔවුන් අතර යම් මත ගැටුමක් ඇතිවී තිබේ. එම ආරවුල හේතුවෙන් සැකකරු ඥාති පුතුන් දෙදෙනාට වෙඩි තබා ඇත.  

වෙඩි වැදීමෙන් වීරවිල 08 කොලණියේ පදිංචි එම්. එස්. මොහොමඩ් ෆවුස් යන අය මිය ගිය අතර ඔහුගේ බාල සොහොයුරා වු එම්. එස්. මොහොමඩ් අරූස් නැමති අය තුවාල ලැබීය.   

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශේක් මර්සුක් නමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නිතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. එම සිදුවීමෙන් වසර 32කට පසුව සියලු චෝදනාවන්ට වැරදිකරු වූ සැකකරුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද  (11) දඬුවම් නියම කළේය.       
                     
එම්.එස්.මොහොමඩ් ෆවුස් යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම කළ අතර එම්.එස්.මොහොමඩ් අරූස් නැමති අයට වෙඩි තබා තුවාල සිදු කිරීමේ චෝදනාවට වසර 05ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද නියම කෙරුණි.     
                                               
හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරනු ලැබුවේ සැකකරු ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී එල්ලා මරණයට පත් කරනතෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිරකර තබන ලෙසයි.    
                                    
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්ෂ මහත්මිය සමග තිස්සමහාරාම පොලීසියේ පොලිස් කොස්තාපල් (91147)සඳරුවන් මහතා පෙනීසිටියේය. සැකකරු වෙනුවෙන් රජයෙන් නිතිඥවරියක පත් කර තිබුණි.



අදහස් (9)

වසර 32කට පසු යුක්තිය ඉටුවෙයි

yaha Friday, 11 January 2019 10:18 AM

ඇත්තටම අවුරුදු 32ක් පොල් ගෑවද? පේනවා නේද අපේ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව..පිස්සු හැදෙනවා

:       2       165

Amila Friday, 11 January 2019 11:59 AM

අවුරුදු 32ක්. මිනීමැරුම් සහ ඉඩම් ප්‍රශ්න (බොහොමයක් එහෙමයි) මේ වගේ සෑහෙන කල් යෑම රටේ මහජන මුදල් සහ කාලය නිරාපරදේ නාස්ති වීමක්... නාස්ති වෙන කාලය සහ මුදල් රටේ ආර්ථියට කරන්නේ ලොකු පාඩුවක්... ‍අද තාක්ෂණය උපරිමයට තියෙද්දී ඒවායේ ප්‍රයෝජනයක් හරියට නොගැනීම තමයි ගැටළුව...

:       0       144

gunawathi Friday, 11 January 2019 01:16 PM

තව අවුරුදු 5, 6 ක් ගියානම් නඩුව අහන්නේ යම කියලා ඉන්න රජ කෙනෙක්...

:       0       49

ශේක් මර්සුක් Friday, 11 January 2019 02:13 PM

මම රජෙක්... සාමාන්‍ය මිනිසෙක් නොවේ. 69යි. හිටියා බොහොම ඇති... නඩුකාර හාමුදුරුවන්ට බුද්ධාගමේ පින් පතමි..

:       0       19

ශාන් Friday, 11 January 2019 02:23 PM

ඔය වකවානුවේම කිතුනු පූජකවරයෙකු වෙඩි තබා ඝාතනය කරනුලැබුවා. ඒ වගේම ඔහු එක් දරු පියෙක්, ඔහුව ඔහුගේ බිරිඳ සහ දරුවාගේ ඇස් ඉදිරිපිට ඝාතනය කලේ, ඔහුගේ බිරිඳ අදටත් එම කම්පනය නිසා යම් මානසික දුර්වලතාවයක් ඇත. වෙඩිතැබීමට හේතුව ඔහු තිස්සමහාරාමයේ දේවස්ථානයක් පවත්වාගෙන යාමයි, මේව බොහොම පහසුවෙන් යට ගැසූ දේවල්...

:       51       150

prabha Friday, 11 January 2019 11:56 PM

කසාදයක් බැඳලා ළමයි හදලා ඒ අයව කසාදත් බැඳලා හිරේ යන්න පුළුවන් ලංකාවේ...

:       0       36

ඩී. ජයදේව Saturday, 12 January 2019 02:30 AM

අනේ වාසනාවන්...!!! දැන් ශේක් මර්සූක්ට නහින දෙහින කාලේ දරුවන්ට බරක් නොවී ආණ්ඩුව ගානේ කාලා බීලා හොඳින් ඉන්න පුළුවන්...

:       0       70

Sanju Saturday, 12 January 2019 02:47 AM

ලංකාවේ කොහෙද නීතියක් තියෙන්නේ? නීතිය කරවන අයට අපරාධ ගසාකන්න, හොරාකන්න හදාගත්ත ක්‍රමයක් විතරයි තියෙන්නේ..

:       0       5

Mahee Saturday, 12 January 2019 06:27 AM

ඉස්සර රජකෙනෙක් තමන්ගේ ඇමති කෙනෙකුව මරන්න තීන්දු කළා. මේ ඇමති බොහොම ජනප්‍රිය කෙනෙක් හින්දා ටිකක් සැලුන රජ්ජුරුවෝ මෙහෙම කිව්වා 'ඇමතිය, තොපට වරයක් දෙමි. නුඹ මැරෙන ආකාරය නුඹම තීරණ කරනු'. ඇමති කිව්වා 'දේවයන් වහන්ස, මට වයස්ගත වීමෙන් මැරෙන්න දුන මැනවි'. රජ්ජුරුවන්ට කට උත්තර නැතුව ගියාලු. මෙතනත් ඉඳල තියෙන්නේ ඒ රජ්ජුරුවන්ගේ කට්ටිය තමයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1004 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site