IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළාත් සභා පමාව ශ්‍රේෂ්ඨාධිකරණයට

(බිඟුන් මේනක ගමගේ)

පළාත් සභා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) ඉදිරි දෙසතිය ඇතුළත රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පවරන බව එහි සමකැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා 'ලංකාදීප' යට කීය.
 
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා, මැතිවරණ කොමිසම හා නීතිපති වගඋත්තරකරුවන් කරමින් මෙම නඩු පැවරීම සිදුවන බව ආචාර්ය සරවනමුත්තු මහතා අවධාරණය කර කීය.
 
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙම අදහස පළ කළේ ලංකාදීප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
 
මැතිවරණ නිසි කලට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවනවා මෙන්ම එයින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බව ද සරවනමුත්තු මහතා කීය.
 
ජනතාව යහපාලන ආණ්ඩුවකින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවත් මෙය තනිකරම ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක් බවත් ආචාර්ය සරවනමුත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
පළාත් සභා 6 ක් මේ වන විට කාලය අවසන්වීම නිසා මන්ත්‍රීවරුන් නොමැතිව ආණ්ඩුකාරවරයා යටතේ පාලනය වන අතර ඉතිරි පළාත් සභා තුනෙන් දෙකක නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතය.



අදහස් (5)

පළාත් සභා පමාව ශ්‍රේෂ්ඨාධිකරණයට

Bamunuarachchi Friday, 22 March 2019 08:56 AM

මේ ගොල්ලෝ දන්නවා ජනතාවගේ තීන්දුව. අකුලාගෙන ගෙදර යන්න වෙන බව දන්නවා...

:       212       38

keppetipola Friday, 22 March 2019 10:45 AM

පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව මුළු රටම දන්නවා. මෙය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ අය පෙනී සිටින්නේ වෙනත් අය වෙනුවෙන්. ඒ ගැන ඔප්පු කිරීමට මට ඕන තරම් කරුණු ඇත.

:       3       0

Aris Friday, 22 March 2019 11:19 AM

අපිට ඕන 9ම එකවර තියන්න. සියලුම මැතිවරණ මාස 6ක කාලයක් තුළ තියන්නේ නම් පාලනයට පහසුයි වියදම් අඩුයි.

:       1       8

smn Friday, 22 March 2019 01:24 PM

මේ පළාත් සභා සුදු අලියා තව දුරටත් අපට ඕනෑද? අපි ගෙවන බදු මුදල්වලින් කකා බිබී තක්කඩි දේශපාලකයන් හොරමැරකම් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබන පීටය තමයි පළාත් සභාව… ඔය මැතිවරණය පවත්වන්න කෝටි පන්හයසීයක් වැය වෙනවා… වියදම් කරන්නේ අපි ගෙවන බදු මුදල්වලින්...ඕක ඔය විදිහටම නැතිබංග ගියානම් ලොකු දෙයක්…. අම්මපා

:       0       15

තරස්තයා Saturday, 23 March 2019 02:55 AM

පළාත් සභා වලට ගියත් හරියට ඇමතිලා වගේ. සේවකයෝ සහ වාහන තොගය කොතරම්ද. බලන් ඉද්දි දේපල වැඩි කරගන්නවා. මොනවාද ඒ ඇත්තන් සමාජයට කරන යහපත. නාස්ති කරන්නේ කාගේ මුදල්ද ? ඊට ඉස්සෙල්ල රටට අහිමි වූ දේපල , මුදල් වංචා ටික හොයලා දඩුවම් දෙන්න. ඒ අය කෙරුවේ සමාජ සේවයක් නෙමේ රට සුරා කෑමක්. ලොකුම අවාසනාව තමයි ඒ නරක ආදර්ශය ළමුන් පවා වැලද ගැනීම .

:       0       229

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site