’’ජනාධිපති අපනයන සම්මාන’’ උළෙලට දින දෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අපනයනකරුවකුට ලැබිය හැකි ඉහලම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙබරවාරි 7 පැවැත්වීමට නියමිතය. 

අපනයන ක්ෂේත්‍රයේ 2023/24 මූල්‍ය වර්ෂය සඳහා සුවිශේෂී ප්‍ර‍ගතියක් පෙන්වූ හොඳම අපනයනකරුවන් උදෙසා සමස්ත හා එක් එක් භාණ්ඩ හා සේවා අංශ සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකරනු ලබයි. 

සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමේ.