මහවැස්සෙන් වැඩිම බලපෑම අම්පාරට


(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අධිකාරි)

ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් ඊයේ (19)වන දා පස්වරු 6.00 වන විට  අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4774කට අයත් 13872ක පිරිසක් ආපදාවට පත්ව ඇති බව  අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 08කට අයත් 31 ක්, ඉරක්කාමම් කොට්ඨාසයේ වසම් 01ක පවුල් 01 කට අයත් 06 ක්, කාර්තිව් ග්‍රාම නිලධාරි වසම් 14ක පවුල් 690 කට අයත් 1908 ක්, පොතුවිල් ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 3984 කට අයත් 11649 ක්,  උහන ග්‍රාම නිලධාරී වසම් 03 පවුල් 51 කට අයත් 152 ක්, මෙලෙස ආපදාවටපත් පිරිස අතර වෙති.

ගංවතුර තත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන මාර්ග විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බවද ආපදා අංශ සඳහන් කරයි.