පොල්ගහවෙල බලය ජාජබයට


 

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. 

විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි. ඒ අනුව එහි බලය ජාතික ජනබලවේගය විසින් දිනා ගත්තේය. සමගි ජනබලවේගය ආසන 10ක්ද ශ්‍රී ලංකා පොදුජන බලවේගය ආසන හතරක්ද, මහජන පෙරමුණ ආසන දෙකක් ද, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම එක් ආසනය බැගින් දිනා ගෙන ඇත.