නිධානයක් ගන්න ගිහින් පොලිසියට මාට්ටු


(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ඉඟිණියාගල  කොක්නහර ප්‍රදේශයේ නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් ගලක් කඩමින් සිටි සිව්දෙනකු අම්පාර පොලිස් කොට්ථාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද  පෙරවරුවේ අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත.

සැකකරුවන් සමග පුරාවස්තු සෙවීමට උපයෝගී කරගන්නා වතුර මෝටර්, අලවංගු, වයර්, ගල් විදිනකටු ඇතුළු උපකරණ රාශියක් සිය භාරයට ගත්බව අතර, පොලිසිය සදහන් කරයි.