දුම්රිය රියැදුරු මැදිරි ඒ.සී කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී තනුර දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"නව දුම්රිය බලවේග කට්ටල පහක් ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අප අරඹා තිබෙනවා.ඒ වගේම දුම්රිය මැදිරි වල මගී පහසුකම් වැඩි කිරීමට ආරම්භ කර තිබෙනවා. දුම්රිය විදුලි පංකා පන්දාහක් ආනයනය කරන්නට කටයුතු කර තිබෙනවා.දුම්රිය මාර්ගවල පීලි බොහෝ කලකින් අලුත් වැඩියා කර නැහැ. මුහුදුබඩ මාර්ගයේ ඉක්මනින් පීලි දිරාපත් වෙනවා. ඒ නිසා රේල් පීලි දොළොස් දහසක් ආනයනය කරන්නට කටයුතු කර තිබෙනවා.දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද අප ආරම්භ කර තිබෙනවා. මධ්‍යම බස් නැවතුම්පොළ මෙන්ම දුම්රිය ස්ථාන සීයක් නවීකරණය අරඹා තිබෙනවා. නවීකරණය කියන්නේ තීන්ත ගෑම පමණක් නෙමෙයි. පාලකයන් තමන්ගේ වරප්‍රසාද ගොඩ ගහ ගත්තා මිසක් පොදු පොදු ප්‍රවාහනයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩ කර නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.