
ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයනවිට 82 වැනි වියේ පසු වූ ඒ මහත්මිය උපන්දිනය දවසේදීම මියයෑම දෛවෝපගත සිද්ධියකි.
50 දශකයේ ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත්‍රයට එක්වූ ඇය මුලින්ම ගායනා කළ ගීතය වූයේ "දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ" ගීතයයි. පසුව "තුං තුඹ මලි, මල් කෙල්ලෙක් මං, ලොකු නැන්දා එනවා, ලතා මඩුල්ලක් කතා කරනවා, හැඩකාරයි මං පොඩි කාලේ, රාං කුරුල්ලා, අත්තන මල්, දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්" වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළාය.
කැසට්පට කිහිපයක්ද එළිදැක්වූ චන්ද්‍රානි මහත්මිය වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් හා ගායනයෙන් දායකවූවාය. ගුරු විද්‍යාලයට ඇතුළත්ව සෞන්දර්ය ගුරු පත්වීමක් ලැබූ ඇය, පන්නිපිටිය ධර්මහල, බොරල්ල සුසවයවර්ධන, ගල්කිස්ස හේන, කලුබෝවිල බුද්ධඝෝෂ යන විදුහල්වල ගුරුවරියක් ලෙස වසර 25ක කාලයක් තිස්සේ සේවය කළාය.
ඇයගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

