
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල මහමෝදර රෝහල අසල වැකුණගොඩ මාර්ගයේ තිබි ටී.56 උණ්ඩ 15ක සහ උණ්ඩ කොපු හතරක් අද පෙරවරුවෙ සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම උණ්ඩ තොගය පාරේ වැටි තිබෙනු දුටු පුද්ගලයකු ඒ අසල රාජකාරියේ යෙදි සිටි රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක අජිත් මහතාට ඒ බව දන්වා ඇත.
ඒ අනුව වහාම එම ස්ථානයට ගිය ඒ මහතා උණ්ඩ තොගය පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ මෙම උණ්ඩ ටි 56 ගිනි අවියක පතරොම් ගැබෙන් හෝ වෙනම බෑගයක ගෙන යමින් සිටියදී පාරේ වටෙන්නට ඇතැයි සැකකරන බවය.

