
(මනෝප්‍රීය ගුණසේකර)
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නඩුව විභාග කිරීම සඳහා ඉදිරියේදී දින නියම කරන බව අද (10) දැනුම් දුන්නේය.
විත්ති පාර්ශවයට දිය යුතු ලේඛණ කිහිපයක් තවමත් තමන්ට දී නැති බවට විත්තියේ නීතීඥවරු නඩුව කැඳවු අවස්ථාවේදී දැනුම් දුන් පසු අදාළ ලේඛණ නොවැම්බර් 03 වැනිදාට පෙර විත්ති පාර්ශවයට දීමට කටයුතු කරන බවට පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂක ලංකා ගුණරත්න මහත්මිය කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි 184කට අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ. වසන්ත ආනන්ද සිල්වා. චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන. සහ එච්.ඒ කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
අල්ලස් කොමිසම විත්තිතරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ නෛතික වලංගුතාවයක් නොමැති බව සඳහන් කරමින් විත්තියේ නීතීඥවරුන් මුල් අවස්ථාවේදී මතු කල මූලික විරෝධතාවය පිළිගත් මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාරනොදීම සිය`ථ චෝදනාවලින් 2024 මැයි 31 වැනිදා ඔවුන් සිය`ථ දෙනා නිදහස් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිෂම 2024 අගෝස්තු 21 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව එම චෝදනාව යටතේම යළිත් වරක් නඩු පවරන ලදී.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
මට පෙර නඩුව කැඳව ුඅවස්ථාවකදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මුලික විරෝධතා මතු කෙරුණු අතර එම විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කරමින් නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය.
ඒ අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරු කරුණු දක්වමින් නඩු විභාගය සඳහා අවශ්‍ය කරන තවත් ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නැතැයි දැනුම් දුන්හ
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂක ලංකා ගුණරත්න මහත්මිය කරුණු දක්වමින් විත්ති පාර්ශවයට දිය යුතු සිය`ථ ලේඛණ නොවැම්බර් 03 වැනිදාට පෙර ලබා දීමට කටයුතු කරන බව දැනුම් දුන්නාය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග කටයුතු අවසන් කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා දෙසැම්බර් 17 දින නියම කරන බව දැනුම් දෙමින් නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.

