මග තොට දී මිතුරු වූ මිතුරකුගේ ඇරියුමකට දුන්, අපූරු ආදරයක් රොටුඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
හැඩකාර තරුණියක වූ ඇය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට ගමේ එමින් සිටියාය. ප්‍රවාහන අපහසුතා නිසා මගී තදබදය බැවින් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන ආරම්භ කිරීමට ඇය මාකුඹුර බස් නැවතුමට පැමිණියාය.
බස් රථයේ ආසන සියල්ල පිරී තිබූ අතර, පසුපස අවසාන ආසන පේළියේ හිඳ ගැනීමට මැයට ඉඩ කඩ ලැබිණි. ඒ අසල සිටි පෙනුම ඇති මැදි වියේ ජේත්තුකාර තරුණයකු ලබා දුන් ඉඩ නිසාවෙනි. බස් රථයේ පැය එකහමාරක ගමන් කාලය අතරතුර මෙම තරුණයා හා ආගිය තොරතුරු සහ පෞද්ගලික තොරතුරුද කතා බහ කරමින් බෙදාගත් මොවුන් දෙදෙනා, තම පෞද්ගලික ජංගම දුරකතන අංක ද හුවමාරු කර ගත්තේය. තරුණයා තරුණියගේ ගම ආසන්නයේ කිලෝ මීටර් 8 ක දුරක වූ ගමක පදිංචි කරුවෙක් ද වූයේය. තරුණිය විවාහක එක්දරු මවක් බව සඟවාගෙන කතා කිරීමට නිතරම ඇය පරෙස්සම් වූවාය.
අවුරුදු දිනට පෙර, දින කීපයක්ම දුරකතන සාකච්ඡාවල යෙදුණ තරුණයා සහ තරුණිය, තරුණියට ආරාධනාවක් කරමින්, ආසන්න නගරයේ බස් නැවතුම් පොළේදී, ගමට එන මගී පෝලිම අසල දී හමු වෙමු යයි, යෝජනා කළේය. අවුරුද්දට අරගෙන දෙන්නේ මොනවාදැයි ? විපරම් කරමින් ප්‍රශ්න කළ ඇය, තරුණයාගේ එකඟතාව මත නියමිත දින බස් නැවතුමේ දී හමු වීමට ගියාය.
නියමිත පරිදි හමු වූ ඔවුන් කතා බස් කරමින්, නගරයේ රෙදිපිළි වෙළෙඳ සලකට ගියේ, තරුණියට ලස්සන ගවුමක් අරන් දීමේ අපේක්ෂාවෙනි. වෙළෙඳසලට ගොස් ගවුම් තෝරා, රුපියල් දෙදහසක මිලට ගවුමක් මිලට ගෙන ආපසු එන්නට සැරසෙන අවස්ථාවේ, වෙළෙඳ සලෙහි එහා කොනේ සිටි වයස අවුරුදු 7 ක පමණ ගැහැනු දරුවෙකු, “අම්මා අප්පච්චි එක්ක අපිත් ආවා රෙදි ගන්න. ඇයි අම්ම අපිට හොරා ආවෙ.,, යැයි අසමින් එම දැරිය අම්මාගේ අතේ එල්ලුනාය.
ආදර උගුලක තමන් අසුවී ඇති බව තරුණයාට තේරුම් ගියේ එවිටය. ඔහු සිදු කරගත් අලාභයත්, අත්විඳින්නට වූ ලජ්ජාවත් යටපත් කර ගනිමින් වහාම වෙළෙඳ සලෙන් පිටව නොපෙනී ගියේය. බිරිඳ ළඟට පැමිණි පුරුෂයා, දියණියට ගත් ඇඳුම ද පෙන්නා, නියමෙට අපේ ප්ලෑන් එක වැඩ කළා නේද? අපි දැන් ගෙදර යමු, කියා බිරිඳට කීය.
මාවරන - පී.එස්. මද්දුමගේ