0 44
පල්ලම විලත්තව දැදුරුඔය මායිමේ අධිකරණ නියෝග කඩකර නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
0 152
වර්ෂාව හේතුවෙන් එකතු වූ ජලය නිසි අයුරින් ජලය ගලා යාමට තිබෙන ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් හලාවත මාදම්පේ දකුණු ඉරට්ටකුලම ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
2 322
තාරකා ඉබ්බන් 57 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (10) සොයාගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
0 282
ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව තරුණයින් තිදෙනෙකු අද(9) සැකපිට අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
0 66
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ උතුරු සහ බස්නාහිර පෙදෙසින් කෝවිලට ඇතුළු වන දොරටුවල අභිනවයෙන් ඉදි කර ඇති ගෝපුර කුලුනු දෙකෙහි කුම්භාබිසේකම් උත්සවය අද(8) උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
0 462
අලුත උපන් බිළිදියක් උරයක බහා කැලෑවක දමා ගොස් තිබියදි අද (6) පුත්තලම පොලිසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව නොමේරු ඒකකයට ඇතුළත් කළ බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පැවසීය.
0 280
මසුන් මැරීම සඳහා යොදා ගන්නා තුවක්කු හතරක් නීති විරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10 ක ඇපයක් මත මුදා හැරීමට කොළඹ අංක 5 ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙනිය මහතා අද (05) සවස නියෝග කළේය.
0 55
නීති විරෝධී අයුරින් කල්පිටි මුහුදේ මසුන් ඇල්ලූ පුද්ගලයින් නව දෙනෙකු සහ ධීවර යාත්‍රා තුනක් අද (03) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරියෙකු පැවසීය.
0 96
අධික වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පවුල් 1880 ක පුද්ගලයින් 5880 ක් පීඩාවට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
0 118
ගම් වැදුණු වන අලි පලවා හැරීමේ නිරතව සිටි වන ජීවි නිලධාරීන් පිරිසකට පුද්ගලයකු අද(3)දින අලුයම පහර දී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
0 238
නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේ දී අද (02) සිදුවූ යතුරු පැදි අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
0 177
කොට්ටුකච්චිය ගල්කුලමේ සිට මුරියාකුලම දක්වා දිවෙන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
0 110
නීති විරෝධි අයුරින් මුහුදු සීමාව උල්ලංඝනය කර මසුන් මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ධීවරයින් අට දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ අසුවක ඇප මුදලක් නියම කර ඇප මත මුදා හැරිමට කොළඹ අංක 05 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ඩි.ආර්.නෙළුම්දෙනිය මහතා අද (29) නියෝග කළේය.
0 207
ආණමඩුව පැරණි ගම්උදා භුමියේ නිවසක වැසිකිළියක් කපන මුවාවෙන් නිදන් කැණිමේ යෙදි සිටි සිව් දෙනෙකු නිදන් කැණිම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ (29 ) අලුයම අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
0 215
කොට්ටුකච්ච්ය ගල්කුලම ප්‍රදේශයේ අද(26) ත්‍රි රෝද රථයක්, මෝටර් රථයක ගැටී වූ අනතුරින් පස්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය පවසයි.
0 234
පුත්තලම, නින්දෙනිය නගරයේ අවන්හලක් ලෙස අඟවා ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තිදෙනෙකු අද(26) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
0 146
මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
1 948
නාවික හමුදාව විසින් අද (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරුණි.
0 306
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටියදි අතුරුදහන් වූ ධීවරයගේ සිරුර අද (23) දින උදෑසන සින්නපාඩුව වෙරළට ගොඩගසා ඇති බව උඩප්පුව පොලීසිය පවසයි.
0 131
මුහුදු වෙරළට පැමිණි අයෙකු අද ( 21 ) උදේ වෙරලේ ඇවිදින අවස්ථාවේදී පොලීතින් උරයක් දැක සැක සිතී ඒ බව හලාවත පොලිසියට දන්වා තිබේ.
0 305
පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) සවස වාහන තුනක් ගැටී සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි.
0 173
හලාවත, මයික්කුලම ප්‍රදේශයට පසුගිය දින දෙකක පමණ කාලයක ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (18) අලුයම් කාලයේ සිට හදිසි ගංවතුර තත්වයක් උද්ගතව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
0 667
කල්පිටිය දුපත් වලල්ට අයත් දුපත් වැසියන් වැසියන් අද (16) දින මොහොත්තුවාරාම දුපතේදී සිය ඡන්දය භාවිතා කිරීම සිදු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච් එම්.චිත්රාන්නද මහතා පැවසීය.
0 232
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම කිලෝමීටර් 30 කණුව ආසන්නයේදී අද (16) ත්‍රීරෝද රථයක් අනතුරුට ලක්වීමෙන් එහි ගමන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට සාලියවැව පොලිසිය කියයි.
3 260
හලාවත - පුත්තලම මාර්ගයේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව සහ සත්ව හිංසනය වන අයුරින් එළුවන් 30දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
0 833
දින පහක් නිවසින් අතුරුදහන්ව සිටි විවාහක කාන්තාවකගේ සිරුරක් වෙන්නප්පුව කොස්ගස්හන්දියට නුදුරින් පිහිටි ගිංඔයේ තිබී අද (09) දහවල් සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
0 200
පන්නල ඉංගරදවුල ප්‍රදේශයේ පිහිටි ඉස්වැටිය නම් අක්කර 5 ක පමණ වපසරියකින් යුත් වැවක ගිලි අද (08) තරුණයෙකු අතුරුදහන් වී ඇති බව පන්නල පොලිසිය පවසයි.
0 141
හලාවත උඩප්පුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක තිබි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාවේ වයඹ විධානයේ නිලධාරියෙකු පැවසීය.
0 570
පොකිරිස්සන් ඇල්ලීම තහනම් මාසවලදී තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 106 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
0 255
හලාවත, මුගුණුවටවන කරවිටාගාර වීර කැළේවත්ත ප්‍රදේශයේ කොහු සකස් කිරීමේ මට්ට වළක තිබී මළ සිරුරක් අද (28) හමුවූ බව හලාවත පොලිසිය කියයි.