රාවණාට පෙරත් ගුවන් යානා තිබුණාද ?


පාරම්පරිකව ජනප්‍රවාදයේ ආ “දඬුමොණරය” නමැති මහා රාවණයන්ගේ ගුවන්යානය හැරුණ විට ඒ ගැන ලේඛනගත සාක්ෂියක් හමුවන්නේ රාමායනය මහා කාව්‍යයේය. රාමායණය විසින් එය හඳුන්වන්නේ පුෂ්පක යානය ලෙසටය. අහසේ ඉහළ මලක් පාවී යන්නා සේ පෙනෙන නිසා එම නම භාවිතාවී ඇති බව එම කෘතිය පවසයි. මෙම යුගයේ (කේත්‍රා) ගුවන්යානා අද මෙන් දෙපසට විහිදුන අත්තටු හා කුරුල්ලෙකුගේ මෙන් දිගට විහිදුන ශරීරයට ද සමාන ස්වරූප නොගත් බව පෙනේ. 1923 දී මයිසූර් හිදී හමුවූ සංස්කෘත බසින් රචිත වෛමානික සූත්‍ර ග්‍රන්ථයේ දැක්වෙන යානාවෙහි විවිධ කොටස්වල ඇති දිග පළල උස හැඩ ආදිය අනුව උඩ කොටස සිහින් වූ හා පහළ කොටස මහත් වූ ජම්බු ගෙඩියක හැඩයට රූපගත කර ඇත.   

යානා වර්ග 4 ක් වෛමානික සූත්‍රහි සඳහන් වන අතර ඒවා මෙසේය. 1. ශකුණ විමාන, 2. සුන්දර විමාන, 3. ත්‍රිපුර විමාන, 4. රුක්ම විමාන පාලියෙන් ශකුණ යනු පක්ෂියා නිසාත් දඬුමොණරය යන වචනය මොනරෙකු අප සිහියට නංවන නිසාත් මෙම වචනවලින් අපට නොවැටහෙන කිසියම් ආකාස වස්තු ස්වරූපයක් අදහස් වුණා විය හැක. විමන යනු ගුවන් යානාව සඳහා යෙදූ හෙළ වචනයයි. අදත් බංගලාදේශ ගුවන් සමාගම හඳුන්වන්නේ Bimana Airlines (බිමාන එයාර්ලයින්ස්) යනුවෙනි. බෙංගාලි බසේ ‘ව’ ශබ්දය ‘බ’ ලෙසින් ද උච්චාරණය වේ. (උදා - රවීන්ද්‍රනාත් තාගෝර් රබීන්ද්‍රනාත් තාගෝර්)   


1998 දී වත්මන් ඉරාකයේ පිහිටි පැරණි බැබිලෝනියාවේ දී ඇමෙරිකන් පුරා විද්‍යාඥයන් විසින් කරන ලද කැනීමක දී ලැබුණු පිළිස්සු මැටි පුවරුවල (terracotta slabs) සඳහන් වුණේ ගුවන්යානාවලින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි ඔවුන් තම රට ගොඩනැගූ බවයි. සිංහ මිනිසුන්ගේ සිංහ පර්වතයේ (සීගිරියේ) ඇති එල්ලෙන උයන්වතු (පුදුම 7 න් එකක්) තමන් බැබිලෝනියාවේ ද නිර්මාණය කළ බව තවදුරටත් සඳහන් විය. කොත්මලය ගිනිකන්ද පුපුරා ගොස් නිරිත දිගට ලාවා ගලායන විට කොත්මලය පාමුල සිටි පිරිසක් තම යුද නායකයා (යුද+නා යුද ජුදා) සමග ගුවනින් පලාගොස් පලසක් ඇතිරුවාක් වැනි තැනිතලාව දුටුවිට එහි ගොඩබැස්සාහ. මේ අය හබරගමුවේ (සබරගමුවේ) හබරයන් වීම නිසා එම ප්‍රදේශයට පලස්තැන්න යයි නම් තැබූහ. (Palestine) හබර භාෂාව Habew (හබ්‍රෙව්) විය. යුදාගේ (යුද + නා) මිනිසුන් නිසා අදත් සබරගමු වැදි ජනතාව කරන්නා සේ නෑයකුන් ඇදහීම යටතේ යුද දෙවියන් අදහති. ජාතිය යුදෙව් නම් වේ. මේ සියල්ල ඊශ්‍රායලයේ ඇති යුදෙව් ජනප්‍රවාදයන්ය. ගිනිකන්ද පිපිරීම නිසා පලාගිය බව පමණක් 1982 දී සොයාගති. බෞද්ධ සාහිත්‍යයට අනුව ගෞතම බුදුන්ගේ යුගයේ දී ලංකාවේ හෝ දඹදිව ප්‍රදේශ පාලනය සිදුකළේ යක් සේනාධිපතියන්ය. සතාගිර, හේමවත, පූර්‍ණක යක් සේනාධිපතියන්ගේ ශිලා ලේඛන ඇත්තේ ලංකාවේය.   


ඉංග්‍රීසි නීති සම්ප්‍රදායට අනුවත් එමෙන්ම ඉංග්‍රීසි ඉතිහාස සම්ප්‍රදායට අනුවත් සාක්ෂි දෙකකින් හෝ වැඩි ගණනකින් සනාථ වන කරුණක් නිවැරදි ලෙස පිළිගැනේ. රාමායණයේ සඳහන් වන හනුමා දුටු පුෂ්පක ගුවන් යානය ගැන විස්තරයක් ජනප්‍රවාදයේ අවුත් අප අතර ඇති රාවණගේ දඬුමොණර යානය ගැන ප්‍රවෘත්තියක් නිසා රාවණ ගුවන් යානය ඓතිහාසික ලෙස පිළිගැනීමට පුළුවන.   


හනුමා දුටු පුෂ්පක යානය ගැන රාමායණයේ කරන විස්තරයට අනුව එහි ආසන 200 ක් පමණ වී ඇත. මේ අද දින මගී ගුවන්යානයකට සමාන ආසන ගණනකි. රනින් නිමවූ ආසනයක් හා රිදියෙන් නිමවූ ආසනයක් විය. ආහාර පිළියෙල කරන ස්ථානයක් ද වැසිකිළියක් ද තිබුණි. එමෙන්ම කැරකැවීම මගින් යානය තුළ සුළඟ සැපයූ පන්කාවක් ද විය. ප්‍රමාණයෙන් විශාල වුවත් ඈත ආකාසයේ ගමන් කරන විට මල් පෙත්තක් ලෙස දර්ශනය වන නිසා මෙය පුෂ්පක යානය ලෙස හඳුන්වා ඇත. ලොව වෙනත් රටක ගුවන්යානා විස්තරයක් හෝ වෙනත් ආකාර ලේඛනගත සාක්ෂියක් තවමත් දක්නට නොමැත. මෙක්සිකෝ, පීරු, මිසරය, මෙසපොතේමියාව (ඉරාක්) යන රටවලදී ලෝහයෙන් සැදූ ගුවන්යානා ආකෘති හමුවුවද ඒවා ගැන වෙනත් විස්තර යමක් නොවීය. ඊජිප්තුවේ හමුවූ එක් ආකෘතියක තිබූ යතුරක් කැරකවූ විට එය ක්‍රියා කරන්නට පටන්ගෙන ඇත. ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියානු ආක්‍රමණයේ දී පන්ජාබ් හිදී ඔහුගේ සේනාවට විරුද්ධව අහසින් ආ ගුවන්යානාවලින් ප්‍රහාර එල්ල වූ බව යුද වාර්තාවල සඳහන්ය. එමෙන්ම රාවණ පුත් ඉන්ද්‍රජිත් පොළවෙන් හඳට ගොස් එතැන් සිට ආලෝක ධාරා මගින් (ලේසර්) රාමාගේ හමුදාවට ප්‍රහාර එල්ලකළ බව රාමායණය පවසයි. මේ සියලු දේ තවමත් මිත්‍යාවන් ලෙස බැහැර කර තිබීම හැර ඒ ගැන විද්‍යාත්මක ගවේෂණ කර නැත. මේ ගුවන්යානා ශක්ති යානා වීම හා මේ ක්‍රියාකාරකම් සියල්ල ශක්ති ක්‍රියාකාරකම් පමණක් වීම නිසා පසිඳුරන් මගින් ඒවා ගවේෂණය කළ නොහැක. ශක්තිය ගවේෂණය කළ හැක්කේ මනසට පමණකි. අප එක් එක් අය මියයන තුරුත් එක් එක් අය තුළ ඇති මනස හඳුනාගෙන නැත. එසේ හඳුනාගත් අයෙක් ඇත්නම් ඔවුහු මිනිස් සමාජයෙන් ඉවත්ව අාරණ්‍යය තුළ ජීවත් වී මියගොස් ඇත්තාහ. ද්‍රව්‍යමය ලෝකයට ආ විට තවදුරටත් මනසට ක්‍රියාකාරීවීමට නොහැකි වීම ඊට හේතුව විය හැක. හිමාලයේ මෙවැනි තපස්වීන් ඇති බවට ජනමාධ්‍යය මගින් රසවත් කතන්තර කීව ද එම තොරතුරුවල නිරවද්‍යතාවය කෙබඳු දැයි දත නොහැක.   
රාවණට පෙර ද අහසින් ගොස් සටන් කිරීම (බෝම්බ දැමීම) සිදුවූ බවට සංස්කෘත දහඅට පුරාණයට අයත් වායු පුරාණයේ දැක්වේ. කාශ්‍යප මුණිට දාව මන්දාත නොහොත් දේවයානි කුමරිය බලි රජුගේ කාලයේ සිටි ශක්‍රගේ දියණිය මාලි සුමාලි හා මාල්‍යවන්ත යන දරුවන් තිදෙනා ලැබුවාය. ඇය තම පුතුන් තිදෙනාම යුද්ධය පුරුදු කිරීම සඳහා අහසින් ගොස් පහරදීම පුරුදු කළාය. මෙය නවතා ගැනීමට නොහැකිව ඇගේ පියා වන ශක්‍ර (දේව අධ්‍යාපනයේ ප්‍රධානියා) ඇත! ඇත! ඇත! යනුවෙන් තුන්වරක් පවසා ඇයව නවතාගත් බව වායු පුරාණය පවසයි. (සකු බසින් පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි) එතැන ඇතන්ස් නම් විය. මේ පන්ජාබයේය. ග්‍රීසියේ ද පසු කලෙක ඇතන්ස් ඇතිවිය. ඒ ඇතීනා දෙවඟන විසූ තැන නිසාය. අදත් ඇතැන්ස් යනු ග්‍රීසියේ අගනුවරයි. ස්ථාන හා ආයතන හැඳින්වීමට හෙළ යන වචනය අදත් ග්‍රීසියේ දකිත හැක. (හෙලේනික්) දෙවයානි නොහොත් මන්දාත රාවණයන්ගේ මිත්තනියයි. ඇගේ දෙවැනි පුතු සුමාලි රකුස් රජුගේ දියණිය කෛසී බිසව රාවණගේ මවයි. මේ මව් පාර්ශවයයි. පියා වූයේ පුලස්ති සෘෂිගේ දියණිය හවිර්ගු ලද පුත්‍රයා වූ විශ්‍රවස් මුණිය. මව්පිය දෙපාර්ශවයෙන්ම රාවණා උත්තම පරපුරු දෙකකින් පැවතෙන්නේය. එබැවින් දස ඥාණයන් තිබී දසිස් (දස + හිස්) ලෙස හැඳින්වුණි.  
අද දින ගුවන් යානාවෝ පූර්ණ ලෙස ද්‍රව්‍යමය (meterial) වන්නේය. රාවණ යානය ලෝහයෙන් නිර්මිත වුවද එය ක්‍රියාකාරී වන්නේ රසදිය ඉන්ධන ලෙස යොදාගනිමිනි. එමෙන්ම ඉහළ අහසේ දී උණුසුම නැතිවිට රසදිය මෙන්ම අනිකුත් දෑ ද උණුසුම් කරන්නේ මන්ත්‍ර බලයෙනි. එක්සත් ජනපදය විසින් 1999 දී නිපදවූ TR-3B නමැති රාවණ යානයේ ක්‍රම අනුගමනය කරමින් සෑදු මර්කරි වෝටෙක්ස් (Murcary Votex Engine) එන්ජිම සහිත ගුවන්යානයට ඉහළ ආකාසයේ හරහට (තිරස්ව) ගමන් කළ නොහැක. ඊට හේතුව නම් ඉහළ ආකාසයේ දී රසදිය ඉන්ධනය උණු කිරීමට යොදා ගන්නා මන්ත්‍ර ඇමරිකානුවට උච්චාරණය කිරීම නොහැකිවීමයි. සැතපුම් 38 ක් ගනකම ඇති වායුගෝලයේ ඉහළම සීමාව ද පසුකර සිරස්ව අභ්‍යවකාශයට යාමට මෙම TR-3B යානයට හැක. සිරස් ගමන (උඩට) මිස තිරස් ගමන (හරහට) යා නොහැක. නූතන විද්‍යාවට හැකිවූ මට්ටම එපමණකි. වසර 2000 වනතුරු අභ්‍යවකාශ යානා වායුගෝලයෙන් පිටට යැවීමට දෙවරක් විදීමට අවශ්‍ය විය. ගමන ආරම්භ කරන වේදිකාවේ සිට පළමු රොකට්ටුව යම් දුරක් ගොස් දැවී අවසන් වූ පසු දෙවැනි එක ස්වයංක්‍රීයව විදීමෙන් දෙවැනි වතාවට පමණක් වායුගෝලය පසුකර අභ්‍යවකාශයට ඇතුළුවේ. දැන් TR-3B වර්ගය තනි විදුමෙන් වායුගෝලය අවසන් කර අභ්‍යවකාශයට ඇතුළු වේ.   


මහා රාවණයන්ගේ පුද්ගල හැඳින්වීමේ නාමය රවුල් නම් වේ. රාමායන කෘති වාල්මිකී විසින් රවුල්ගේ පෙළපත් නාමය වන රාවණ (රා+වණ = හිරු + වංශය) නම යොදා ගැනීම සහ මහා රාවණ රජු ලෙස රාජත්වයක් ආරෝපණය කිරීම නිසා මහා රාවණ රජු නමැති භාවිතයක් ඇතිවිය. මව්පිය දෙපාර්ශවයෙන්ම සෘෂි පෙළපත්වලින් ඔහු පැවත ආවේය. මෙකල උත්තම දරුවන් ලැබීමට රජවරුන් (පුර රාජ්‍ය පාලකයන්) විසින් තම දූවරුන් සෘෂිවරුන් හෝ මුණිවරුන් වෙත යැවීමේ සම්ප්‍රදායක් විය. සුමාලි රජු ද තම දූ කෛකසී කුමරිය විශ්‍රවස් මුණි වෙත යවා රාවණ, කුඹුක්කන් හා සුපර්ණකා නමැති පුතුන් දෙදෙනා හා දුවද ලබාගත් බව රාමායණය පවසයි. ඉහත සඳහන් කළ රාවණ මිත්තනින් වූ දේවයානි (මන්දාත) කුමරිය ද කාශ්‍යප මුණි හා එකතුවීමෙන් මාලි, සුමාලි, මාල්‍යවන්ත නමැති පුතුන් තිදෙනා ලබාගති. ඇය තම දරුවන්ට ගුවන් ප්‍රහාර පුරුදු කළේ එකලද ගුවන්යානා තිබූ නිසාය.   

 

සටහන
ආචාර්ය සූරිය ගුණසේකර