නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එක් විකිරණ යන්ත්‍රයක් මීට වසරකට පෙර සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති අතර ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති ඉතිරි එකම විකිරණ යන්ත්‍රය ද බිඳවැටීම හේතුවෙන් රෝහල් සේවා සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.
හදිසි අනතුරුවලට ලක් වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබදව පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍රය භාවිතාවෙන් සිදුකළ අතර එම යන්ත්‍රය ද බිඳ වැටීමෙන් හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු කීවේය.
මෙම විකිරණ යන්ත්‍ර දෙක වසර විස්සකට වඩා පැරණි යන්ත්‍ර බවත් මෙම යන්ත්‍ර බිඳ වැටීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබඳව කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ධර්මවික්‍රම මහතා තවදුරටත් පැවසීය.