ලවංගා මාධවී දෑරංගල
කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් ද උපදෙස් දී ඇති බව ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කරයි.
මෙම කාලසීමාවෙහි ඉල්ලුම වැඩි වීම මත සැපයුම් අවහිරතා ඇතිවීම මීට හේතුව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දක්වන නමුත් එය සම්පූර්ණයෙන් පදනම් විරහිත තර්කයක් වන බවත්, අධිකරණය අවුරුදු නිවාඩු සඳහා වසා ඇති බැවින් නඩු පැවරීමටවත් හැකියාවක් නොමැති අවස්ථාවක මෙසේ සිදු කිරීම සූර්යබල විදුලි පද්ධතිය අඩපණ කිරීම සඳහා වන නීතිවිරෝධී කුමන්ත්‍රණයක් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ පිළිබඳව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳ අධිකාරියට ද තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අප විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හා මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට කීපවරක්ම උත්සාහ දැරුව ද එය අසාර්ථක විය.