උතුරේ පුරාවස්තු රැකීමත් කර ඇරලා
විගණනයෙන් පුරාවිදු ලොක්කන්ට දොස්
සුජිත් හේවාජුලිගේ
කළුගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
කළුගල් කැණීමේ ව්‍යාපෘති සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර 2019 වර්ෂයේ දී අහෝසි කර ඇත්තේ එම පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුවීමෙන් අනතුරුව බවද වාර්තාවේ දැක්වේ.
මුල් ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී පුරාවිද්‍යා සාධක අනාවරණය කර නොගෙන කළුගල් කැණීමේ බලපත්‍ර එසේ නිකුත් කර තිබිණැයි කියති.
මේ අතර උතුරු පළාතේ පුරාවිද්‍යා ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත සංරක්ෂණය, නඩත්තුව හා කළමනාකරණය කර එම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව අසමත්ව ඇති බව නිරීක්ෂණය වී යැයි එම වාර්තාවේ දැක්වේ.
උතුරු පළාතේ බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි මූලික ගවේෂණ කටයුතු පමණක් කර ඇති බවත් විස්තීර්ණ ගවේෂණයක් මගින් අදාළ ඉදිරි පුරා විද්‍යාත්මක කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නො තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.