කරාපිටිය රෝහලට ඇලවීෂියස් විද්‍යාලයේ 96 කණ්ඩායමෙන් පරිත්‍යාගයක්


(ජී.ඩබ්ලිව්. කේ.ප්‍රේමතිලක ද සිල්වා )

අධි සාන්ද්‍රිත මධ්‍යසාර අඩංගු අත් සෝදන දියර අඩංගු කෑන් තොගයක් ගාල්ල සාන්ත  ඇලවීෂියස් විද්‍යාලයේ 96 ශිෂ්‍ය කණ්ඩායම විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව  , අංක දොළහ වාට්ටුව සහ බාහිර රෝගී අංශයේ ප්‍රයෝජනය සඳහා අද (01) පරිත්‍යාග කෙරිණි.
 
මෙම කටයුත්ත සඳහා ගාල්ල සාන්ත  ඇලවීෂියස් විද්‍යාලයේ  96 ශිෂ්‍ය කණ්ඩායමේ කැළුම් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව භාර වෛද්‍ය කේසර දිලන්ත කුමාර මහතා මෙම කටයුත්ත  සම්බන්ධීකරණය කළේය.