අතවශ්‍ය භාණ්ඩ නිවසට ලබා දෙන්න අම්බලන්ගොඩ නගර සභාව පියවර ගනී


 (එම් .සුසිල්  ප්‍රියන්ත )

කොරෝනා ආසාදනය මර්දනය  සදහා ඇති ඇදිරි නීතියෙන් පීඩාවට පත්ව සිටින  බල ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන ගාස්තුවක් අය නොකර අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීම සදහා සිය ආයතනය සතු සියලුම රථ වාහන නිදහස් කිරීමට පියවරගත් බව අම්බලන්ගොඩ නගර සභාව කියයි

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නිතිඥ අරුන ප්‍රදීප් මහතාගේ අදහසකට අනුව මේ පියවර ගෙන තිබේ .

ඒ අනුව අත්‍යාවශ්‍ය භාන්ඩ නිවෙස්වලට ප්‍රවාහනය කිරීමට බලය ලබාගෙන තිබෙන ආයතනවලට  සිය රථ වාහන ලබාදීමට තමා පියවරගත් බව අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නීතීඥ අරුන ප්‍රදීප්  මහතා පැවසීය .