IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා

(ප‍්‍රකට ලේඛක, හිටපු දිසාපති, රජරට විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ආචාර්ය ලීල් ගුණසේකර විසිනි)

සර්වෝදය නිර්මාර්තෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා  - ප‍්‍රකට ලේඛක, හිටපු දිසාපති, රජරට විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ආචාර්ය ලීල් ගුණසේකර

සර්වෝදය නිර්මාර්තෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා නොවැම්බර් මස පස්වැනිදාට අනුවිය සපුරයි. තවත් දිගු කලක් සමාජ මෙහෙවරක යෙදීමට වාසනාව ලැබේවායි මම ප‍්‍රථමයෙන්ම ප‍්‍රාර්ථනා කරමි.

ආචාර්ය ආරියරත්නයන් මට මුලින්ම ඇසුරු කිරීමට ලැබුණේ මා අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ලෙස සේවය ආරම්භ කර සිටියදීය. ඒ 1958 වසරේදීය. එම වසරේ පොසොන් උත්සවය අනුරාධපුර ප‍්‍රජා නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි පැමිණෙන බැතිමතුන්ට ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ වගකීම පැවරී තිබුණේ මටය.

එවකට කොළඹ නාලන්දා විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ආරියරත්නයන් ඔහුගේ ශ‍්‍රමදාන ව්‍යාපාරය මගින් ප‍්‍රජා නගරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පැවැත්වීය. එයට සහභාගි වීමට මටද අවස්ථාව ලැබිණි. ආරියරත්න මහතා සමග ඇසුර ආරම්භවූයේ එහිදීය. එදා බැතිමතුන් වෙනුවෙන් සිදුකළ සේවාවෙන් පසු එහිදී මම කැමති මාතෘකාවක් යටතේ ඔවුන්ට දේශනයක් පවත්වන ලෙස ආරියරත්න මහතා මට ආරාධනා කළේය.

අනුරාධපුර අතීත සෞභාග්‍යය මැයෙන් මහා වංශයෙන් සහ ජාතක පොත් ඇතුළු බෞද්ධ සාහිත්‍යයෙන් කරුණු ඉදිරිපත් කරමින් මම දේශනය පැවැත්වීමි. අනුරාධපුර ඓතිහාසික තොරතුරු අනාවරණය වූ එම දේශනය එදා එහි සිටි පිරිස අගය කරන්නට වූහ. ඉන් අනතුරුව සර්වෝදය සාමාජිකත්වය ගැනීම සඳහා ආරියරත්න මහතා මට පෝරමයක් ලබා දුන්නේය. එයට අත්සන් කර දුන් මම සර්වෝදයේ සාමාජිකත්වය ලබා ගත්තෙමි. ඒ අයුරින් ආරම්භ වූ සර්වෝදය සබඳතාවයට දැන් වසර හැට තුනක් ගතවී තිබේ. මෙම කාලය තුළ ආරියරත්නයන්ගේ සහ සර්වෝදයයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට මට හැකිවිය.
මන්නාරම, අනුරාධපුරය, රත්නපුරය, කෑගල්ල සහ කලූතර යන දිස්ත‍්‍රික්කවල දිසාපති පදවිවල මා සේවය කරන විටදී එම සියලූ ප‍්‍රදේශවලදී සර්වෝදය වෙනුවෙන් සහාය ලබාදීමට සහ මගේ සහාය සර්වෝදයට ලබා ගැනීමටත් ඔවුහු උනන්දු වූහ. ආරියරත්නයන් ඇසුරු කිරීමේදී ලැබුණු අත්දැකීම් අනුව මට දක්නට ලැබුණු ඔහුගේ උතුම් ගුණයක් වූයේ ඔහු හැමවිටම උගතුන් බුද්ධිමතුන් ඇසුරු කරමින් ඔවුන්ද සමාජ සත්කාර සඳහා සම්බන්ධ කර ගැනීමය.

”අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා”

යන්න ඔහු හොඳින් විශ්වාසකළ අයෙකි. ඒ අනුව ක‍්‍රියා කිරීම ඔහුගේ විශේෂත්වයයි. බෞද්ධ පොතපතේ ආභාෂය ලබමින් බාල මහළු වැඩිහිටියන් ප‍්‍රබෝධමත් කිරීමට සර්වෝදය මගින් දෙන පණිවුඩය ලොව රටවල් රැුසක පැසසුමට ලක්වීය. වරක් එතුමා පිළිබඳව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කළ ප‍්‍රකාශයක් මට මෙහිදී සිහිපත් වේ.

”ආරියරත්නයන්ගේ ප‍්‍රබලතාවයට හේතුවී ඇත්තේ බෞද්ධ දර්ශනයෙන් අවධාරණය වන දුක්ඛ සත්‍යයයි හැෙ`ග්. නිකැලැල් බෞද්ධ පරිසරයකින් ආරියරත්නයන්ගේ ජීවිතය හැඩ ගැසී ඇති බැව් පෙන්වයි. මිනිසාට අවසාන වශයෙන් සංසාර දුකින් මිදිය හැක්කේ මිනිස් සිත ඇලීම් සහ බැඳීම් වලින් තොරව නිවන් මග ඔස්සේ ගමන් කිරීමයි. ඒ බැව් ආරියරත්න මහතා අකුරටම අනුගමනය කරයි.” යන එම ප‍්‍රකාශය ආරියතරන්යන් ගැන කරන හොඳම විග‍්‍රහයක් බැව් කිව යුතුය.

බුදුන් වහන්සේ විසින් මහා සංඝයාවහන්සේ දේශනා කරන ලද අවවාදය වූ

”චරිත භික්ඛවේ චාරිකං
බහු ජන හිතාය
බහුජන සුඛාය”

අනුගමනය කරමින් ගාන්ධි තුමා ගත් ක‍්‍රියා මාර්ගය ආරියරත්නයන් විසින් ද අනුගමනය කරමින් ජනතාවගේ වාසස්ථාන වෙත ගොස් ඔවුන්ට සමීප වීමට උත්සාහ කළේය. ඇතැම් විට ඔවුන් තුළ දක්නට ලැබෙන උදාසීනත්වයෙන් මුදවා හදවත් උත්තේජනය කර ජීවන තත්ත්වය නගාලීම ආරියරත්නයන්ගේ ප‍්‍රතිපත්තිය වීය. දිළිඳු ජනතාවගේ දුකට පිහිටවීමට උපදෙස් ලබාදීමද ඔහුගේ සිරිතය. ඉන් නොනැවතී ආර්ථික ආධාර ලබාදීමද ඔහුගේ සංකල්පය වී තිබේ.

ඔහුගේ ජීවිතය තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ගති සිරිතක් වන්නේ සමානාත්මතාවය අගය කිරීමය. ඔහු තම දියුණුව ලෙස සලකන්නේ වෙන අය බොහෝ විට සිතන පරිදි බාහිර ආටෝපය ගැන නොවේ. ඉතා චාම් සරළ ජීවිතයට ඔහු හැමවිටම පුරුදුව සිටියේය. එතුමා තුළ ඇති ඒ ගුණාංගය අනුගමනය කරමින් අපේ ජීවිතයද ඒ අනුව හැඩ ගසා ගැනීමට අපිද උත්සාහ දැරුවෙමු. ඔහු තුළ ඇති චතුර කථිකත්වය සහ දාර්ශනික දැනුම සර්වෝදයේ කීර්තියට තදින්ම බලපෑවේය. ආරියරත්නයන් විසින් රචනා කර ඇති ග‍්‍රන්ථ සහ ලිපි ලේඛන දෙස බලන විට එය මැනවින් පැහැදිලිවේ.

බුදුදහම පමණක් නොව වෙනත් කුමන විෂයක් පිළිබඳව උවද ඔහුට ඇත්තේ අසීමිත දැනුමකි. පොත පත කියවීමෙන් ඔහු තම දැනුම ප‍්‍රගුණ කරගනු ලැබුවේ පාසල් අවදියේ සිටය. මෙම කරුණු විමර්ශනය කර බලන විට ඔහු නියත වශයෙන්ම බොදු දහමින් පරිපූර්ණවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. එවන් අයෙකු ඇසුරු කිරීමට අපටද අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙසද මම සලකමි.

සර්වෝදය කටයුතු වලදී සුදුස්සාට සුදුසු තැන ලබාදීමටද එතුමාගේ උසස් ගුණයකි. එය සක්සුදක්සේ පැහැදිලි වන්නේ සර්වෝදයට සම්බන්ධ වී සිටින විශ්වවිද්‍යාලවලින් බිහිවූ දේශීය හා විදේශීය දක්ෂ පිරිසක් ඔහුගේ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ කරගෙන ඇති අයුරු දක්නට ලැබෙන විටය. ජාත්‍යන්තර විදේශ සම්මාන රැුසක් හිමි කරගෙන සිටි ආරියරත්නයන්ට ප‍්‍රථමවරට (RAMON MAGSAYSAY AWARD FOR COMMUNITY LEADERSHIP PHILIPPINES) සම්මානය හිමිවූයේ ඔහුගේ මානව දයාවට දක්වන ලද උපහාරයක් ලෙසටය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් සුවිශේෂී කරුනක් තිබේ. ආරියතරන්න යන්ට තරම් විදේශවලින් සම්මාන ප‍්‍රදාන ලද වෙනත් කිසිවෙකු ශ‍්‍රී ලංකාවේ නොමැති වීමය. ඔහුට ඒ සමග ලැබුණු ධන පරිත්‍යාගද සර්වෝදයට යොදවමින් පොදු ජනතාවගේ හිත සුව පිණිස යෙදවීමට ඔහු ක‍්‍රියා කරනු ලැබුවේ මහා දාන පරිත්‍යාගයක් සිදුකරමිනි.

රටට සමාජයට විශේෂ සේවාවක් සිදුකළ පුද්ගලයන් සඳහා ආරියරත්න මහතා අවධානය යොමු කළේය. වසරක් පාසා එවැනි පුද්ගලයන් පස් දෙනෙකු තෝරා උපහාර පිදුම් සිදු කරනු ලබන්නේද ධන පරිත්‍යාග ඇතුළත් කරමිනි.

එතුමා විසින් අරඹන ලද සමාජ සත්කාර සේවාවන් අතර ගැමි ජනතාව සඳහා විශේෂයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘති රැුසක් තිබේ. ඒ අතින් ගැමි ප‍්‍රශ්න සාකච්ඡුා කිරීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා පවුල් බහුවීම විශේෂය.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ද දැඩි අවධානයක් යොමුකරමින් ප‍්‍රජානායත්ව පුහුණු කිරීමේ කාර්යය සඳහා පාතකඩ අරඹන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හඳුන්වා දිය යුතුය. එහි සංවිධානය හඳුන්වා දිය යුතුය. එහි සංවිධාන කටයුතු ක‍්‍රියාත්මක කරනු ලැබුවේ අපවත්වී වදාළ හේන්පිට ගෙදර ඥාණසිහ හිමියෝය. එකල මම ද රත්නපුර දිසාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඒ නිමිත්තෙන් අනුශාසනා අනුව සර්වෝදයට සහායවීමි.

සර්වෝදය මගින් ආරියරත්නයන් ඇරඹූ තවත් සමාජ සත්කාරයක් වූයේ දරුවන් රැුකබලා ගැනීමේ ව්‍යාපෘති වේ. නීතා ආරියරත්න මැතිණියගේ මූලිකත්වයෙන් ඇරඹි එම සේවාව මගින් දරුවන් විශාල පිරිසකට සෙත සැලසුනි. කාන්තාවන් ඒ සඳහා මෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ද සර්වෝදය ක‍්‍රියාත්මක කළ වැඩ සටහන් රැුසකි. එමගින් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ප‍්‍රධාන තැනක් ගනී. ඒවායේත් ඔවුන්ට ස්වයං රැුකියා උත්පාදනයක්ද සිදුවිය.

එක් දහස් නවසිය හැත්තෑ එකේ තරුණ පිරිස නැගී සිටි අරගලය මට මෙහිදී සිහිපත් වේ. නොමග ගිය එම තරුණයන් පුනරුත්තාපනය කිරීම නොයෙක් දෙනාගෙන් ගරු අගමැතිනිය ඉල්ලා සිටියද විවිධ කාරනා මතු කරමින් ඔවුන් හැමදෙනාම එම වගකීම බාර නොගත්හ. අවසානයේ එම වගකීමද මා වෙත පැවරුණි. එහිදී මම ආරියරත්නයන් අනුගමනය කළෙමි. ඔහුගේ මග යමින් සිදුකළ එම පුනරුථාපන ක‍්‍රියාවලිය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක විය. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය විධායක තනතරුවලට පවා මා පත් කිරීම සිදු කැරිණි. මේ නිසා එවකට පැවති රජයට මෙන්ම සර්වෝදයටද මගේ ස්තුතිය පුදර කළ යුතුය. විසිදහසක පමණ වූ පුනරුත්ථාපනය වූ තරුණ පිරිස යහපත් සමාජ පුරවැසියන් බවට පත්වූහ.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කාරනා හතර මගින් මනස සකස් කිරීම දාන, ප‍්‍රිය, වචන සමානාත්මකව සහ අර්ථ චරියා හැම විටම ආරියරත්නයන් පිළිගත් සිද්ධාන්තයක් වී තිබේ. ඇතැම්විට ආරියරත්නට සිදුවී විවිධ අඩත්තේට්ටම් සහ කුරිරු හිරිහැර ඇති වූ අවස්ථාවලදී ඉවසීමෙන් ඒ සියල්ල විඳදරා ගැනීමට ක‍්‍රියා කළ ආකාරය එතුමා තුළ පැවති යහගුණය විදහා දැක්වෙන කැඩපතක් බඳුය.
කිසිවෙකුගේ සිත් රිදවීමට හෝ පලිගැනීම ඔහුගේ සිරිත නොවේ. ඇත්ත වශයෙන්ම ඔහු ඉවසීමේ ප‍්‍රතිමූර්තියකි. ආරියරත්නයන් ලද තවත් භාග්‍යයක් වූයේ එතුමාගේ ආදරණීය බිරිය නීතා මැතිනියයි. තම සැමියාගේ සමාජ සත්කාර සේවාවට සෙවනැල්ලක් ලෙස ඇගෙන ඉටුකළ සේවය ආරියරත්නයන්ගේ ගමනට රුකුලක් විය. එතුමාගේ ¥ දරුවෝද ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා ඉන් කීප දෙනෙක්ම සර්වෝදය සමාජ සේවාවට සම්බන්ධ වී සිටිති. විශේෂයෙන් එතුමාගේ පුත් වෛද්‍ය වින්යා ආරියරත්නයන් සිය පියාගේ අඩිපාරේ යමින් ක‍්‍රියා කරනු දක්නට ලැබේ. 

ආරියරත්න මහතාට විදේශ වලදී ලැබෙන ගෞරවය පිළිබඳව මා ලැබූ අත්දැකීමක්ද මෙහි සඳහන් කළයුතුය. ආරියතරන්යන් වෙනුවෙන් ජාත්‍යන්තර වැඩසටහන් කීපයකට යාමට මට අවස්ථාව ලැබිණි. වරක් එක්දහස් නවසිය හැත්තෑවේදී ඉන්දියාවේ කල්කටාහි පැවති සෞඛ්‍ය සේවා සම්මන්ත‍්‍රණයක් ඇමතීමට මට බාරදී තිබිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පදවිය දරුවාය.
අපගේ ශ‍්‍රී ලංකාවේ කොඩියත්, සර්වෝදය ලාංඡුනයත් දුටු විගස ගුවන් තොටුපලේදී විමසනු ලැබුවේ අගමැතිනිය සහ සර්වෝදයේ ආරියරත්න මහතා පිළිබඳවය. ඒ තරමට එතුමා මහත් ප‍්‍රසිද්ධියක් සහ ගෞරවයක් හිමි කරගෙන සිටියේය. ගුවන් තොටුපල නිලධාරීහුද පසුව මහත් ගෞරවයෙන් පිළිගැනීම සුවිශේෂ කරුණක් ලෙස දුටුවෙමි.

ආරියරත්න මහතා විදේශ ගතවන අවස්ථාවලදී බොහෝ විට ගුවන් යානයේ සිට හෝ මට සුභ පැතීම පුරුද්දක් කරගෙන සිටියේය. මගේ කල්‍යාණ මිත‍්‍රයෙකු වූ එතුමා පිළිබඳව වරක් මා විසින් රචනා කරන ලද ත‍්‍රිකෝණ අරගලය නම් කාව්‍ය සංග‍්‍රහයේ එතුමා පිළිබඳව ලියවුනු ගීතයක් මෙහි සඳහන් කළ හැකිය.

”බුදුන් හෙළිකළ මගින් මෙත් සිත්
වඩා ගනදුරු දුරු කරන්නට
වීරියෙන් ප‍්‍රතිඵල ලබාගෙන
හැම සතන් සිත් පිනා යන්නට
සැනින් නොසැලෙන දනන් තනමින්
ඔවුන් සමගින් පෙරමුණට යන
සොහොයුරාණෙනි මමත් කැපවෙමි
ඔබේ තිරසර සසර මෙහෙයට”
යනුවෙනි.

ආචාර්ය ඒ.ටී. ආරියතරන්න මහතානෙනි, ඔබ මෙරටට මේ දක්වා සිදු කළ සමාජ සත්කාර සේවාව මේ අයුරින් කෙටිකර ලියන්නට නොහැකිය. අපේ මේ පුංචි රට ලොව පුරා කීර්තියට පත්කිරීමට ඔබෙන් සිදුවූ සේවාව සුළුපටු නොවේ. විශිෂ්ඨ සංස්කෘතියක් සහ සාහිත්‍යයත් මෙරටට බිහිකරන්නට ඔබ තුමාගේ සර්වෝදය ඉවහල් වූ බැව් අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ උදාර සේවාව තවත් දිගුකළක් කරගෙන යාමට ඔබට ධෛර්යය ලැබේවායි පතමින් ඔබට දීර්ඝායු පතමි.

 



අදහස් (4)

බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා

Tharaka Friday, 05 November 2021 06:45 PM

සුදු පිරුවට ඇදගත්ත අහිංසක කපටියො තමයි ලංකාවට ලොකුම හානිය කරන්නෙ..

:       12       4

sunil Saturday, 06 November 2021 06:04 AM

ජනතාව ගැන සංවේදීව නිහඬ සේවයක් කරන සැබෑ මානව හිතවාදී ආචාර්ය ආරියරත්න සහ ලීල් ගුණසේකර දෙපොළට දීර්ඝායු වේවා !! මෙවැනි මානව හිතවාදීන් තවතවත් බිහිවේවා !!

:       1       11

Anuruddha kumarasinga Wednesday, 10 November 2021 02:50 PM

ආරියරත්නයන්ගේ සර්වෝදය හරහා පසුගිය වසරවල දේශපාලන සංවාද මණ්ඩප සැකැසිණි .මේරටේ තරුණ බලවේගයක් බලයට ගෙන ඒම සදහා ඔවුන්ගේ සහය ලබාගන්න.

:       1       5

ආර් මනමිිපේරි Sunday, 14 November 2021 10:45 PM

රටට අවශ්‍ය උතුමිි මිනිසෙකි දිිර්ඝායුෂ ලැබෙිිවා!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 324 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1709 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1550 3

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 919 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site