IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


XAMPLE මෙරට අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි.

Novelwall Sri Lanka  ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප‍්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත. අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය, එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඞ් මහතාගේ මගපෙන්වීම යටතේ Xample අන්තර්ජාල අධ්‍යාපනික සේවාව නිර්මාණය කර ඇත.

Xample මගින් මෙරට දරු දැරියන්ගේ ධනාත්මක ආකල්පයන් පෝෂණය කරමින්, නොපසුබට උත්සාහයෙන් යුතුව තම අධ්‍යාපනික ඉලක්කයන් වෙත සාර්ථකව ගමන් කිරීම සඳහා සහයෝගය ලබාදීමේ අරමුණින් නිර්මාණය කර ඇති අතර, මෙහි අන්තර්ගත වන පරීක්ෂණ හා පුනරීක්ෂණ (Testing & Revision) පහසුකම සිසු දරු දැරියන්ට මෙන්ම, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා ද බොහෝ වැදගත් විශේෂාංගයකි. මේ නිසා ම ඞ්පචකැ මගින් සිසු දරු දැරියන්ගේ ආත්ම විශ්වාසය සහ නැගී සිටීමේ හැකියාව වර්ධනය කරන අතර එමගින් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට යම් අස්වැසිල්ලක් ලබා දෙයි.

COVID-19  වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ම මෙරට අධ්‍යාපනික ක්ෂේත‍්‍රය ගැටලූ රාශියකට මුහුණපාන්නට විය. දුරස්ථ ඉගෙනුම් ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුවීම සහ පන්ති කාමරයෙන් ඈත්වීම නිසා සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු අඩාල විය. ඊට අමතරව, අධ්‍යන කටයුතු ඇගයීමේ ක‍්‍රියාවලිය බිඳවැටීම, පන්ති කාමරය තුළ මෙන් සිසුන්ගේ හැසිරීම සහ ක‍්‍රියාකාරකම් නිසිලෙස අධීක්ෂණය කළ නොහැකි වීම, සිසු සිසුවියන්ට ගුරුවරුන්ගෙන් සාමාන්‍ය පරිදි ප‍්‍රශ්ණ අසමින් ගැටලූ නිරාකරණය කරගත නොහැකි වීම මෙන් ම, Online ඉගැන්වීම තුළ දී බොහෝ විට පන්ති කාමරය ගුරුවරයාගේ පාලනයෙන් බැහැර වීම ආදිය වර්තමානයේ බහුල වශයෙන් පැන නැගී ඇති ගැටලූ ලෙස දැක්විය හැකි ය. විශේෂයෙන්් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන්ට අවශ්‍ය පෞද්ගලික අවධානය සහ සුවිශේෂි, ක‍්‍රමානුකූල මග පෙන්වීම නොමැති වීම නිසා ඔවුන් වඩාත් ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දුන් අතර, එම තත්ත්වය නිසා ම දෙමාපියන් ද මානසික පීඩනයට ලක්ව ඇත. මෙම තත්ත්වයට සිසු දරු දැරියන් තුළ මෙන් ම ගුරුවරුන් තුළ ද විභාග සහ අධ්‍යාපනික ප‍්‍රමිතීන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම යම් මට්ටමකට හේතු වී ඇති බව පැවසුවහොත් එය නිවැරදි ය.

Xample තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මනසෙහි නිර්මාණය වූයේ මෙම කරුණු ද පෙරදැරිව ය. ඒ නිසා ම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගත් විශේෂාංග රැසකින් එම සේවාව සමන්විත වේ. එමෙන් ම Xample සිසු සිසුවියන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළසහ උසස් පෙළ විභාගවලින් ඉහළම ප‍්‍රථිඵල කරා යාමට උපකාරී වන, විනෝදයෙන් අධ්‍යයන කටයුතු
සිදුකළ හැකි, ශිෂ්‍ය කෙන්ද්‍රීය අන්තර්ජාල අධ්‍යාපනික මෙවලමක් වන අතර එමගින් සූදානම, ඉදිරිපත් කිරීම, පුහුණුවීම් සහ කාර්ය සාධනය යන අධ්‍යාපනික සාංකල්පයන් වර්ධනය කරගැනීමට පහසුකම් සලසයි. ඞ්පචකැ මගින්  ඕනෑම සිසුවෙකුට හෝ සිසුවියකට, අදාළ විෂයයන් පිළිබඳ සිය දැනුම ස්වයාං පරීක්ෂාවකට ලක් කිරීමේ හැකියාව ලබා දෙයි. සෑම ප‍්‍රශ්නයකට ම සපයා ඇති සවිස්තරාත්මක
අධ්‍යයන සටහන් සහ වසර 25 ක ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රවලින් සමන්විත Xample මගින් සිසු සිසුවියන්ට සියලූම විෂයයන් හොඳින් ප‍්‍රගුණ කිරීම සඳහා අවස්ථාව ලැබේ.Xample මගින් සිසු සිසුවියන් දුර්වල විෂය ක්ෂේත‍්‍රයන් හඳුනා ගනිමින්, ඒ ආශි‍්‍රත දැනුම වැඩිදියුණු කරගන්නා තුරු අධීක්ෂණය කිරීම විශේෂිත ය.

එමෙන් ම විභාග සඳහා සිසු සිසුවියන් හුරු කරවමින් නියමිත කාලයට අනුකූලව ප‍්‍රශ්නපත‍්‍ර සඳහා පිළිතුරු ලිවීමේ පහසුකම් සහිත Xample මගින් එක් එක් කොටසෙහි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් සපයයි. මෙම විශ්ලේෂණ පද්ධතිය මගින්  ඕනෑම විෂයයක,  ඕනෑම මාතෘකාවක් පිළිබඳව සිසුවා කෙතරම් ප‍්‍රවීණද යන්න ගණනය කළ හැකි අතර, එමඟින් දෙමාපියන්ට,
ගුරුවරයාට මෙන් ම අදාළ ශිෂ්‍යයාට ද තම මට්ටම හඳුනාගත හැකි ය. Xample වෙත  ඕනෑම වේලාවක ප‍්‍රවේශ විය හැකි නිසා දෙමාපියන්ට පහසු වේලාවක තම දරුවාගේ අධ්‍යාපනික වැඩකටයුතු පිළිබඳව අධීක්ෂණය කළ හැකිය. තවද, බාහිර දැන්වීම් කිසිවක් ඞ්පචකැ තුළ ප‍්‍රචාරය නොවීම සිසුන්ගේ අවධානය අධ්‍යාපන කටයුතු මත පමණක් රඳවා ගැනීමට උපකාරී වේ.

ශ‍්‍රි ලාංකේය අධ්‍යාපන කෙෂේත‍්‍රය වෙත හඳුන්වා දී ඇති මෙම සුවිශේෂී අන්තර්ජාල අධ්‍යාපනික මෙවලම පිළිබඳව එහි නිර්මාතෘ තුන්කු ඔස්මන්්ඞ් මහතා අදහස් දැකවුවේ මේ අයුරිණි. ”ගෝලීය මට්ටමින් සසඳන විට අපගේ තරුණ පරම්පරාව අධ්‍යාපනික ලෝකය තුළ ඉතා තරඟකාරී මට්ටමක පසු වෙනවා. ගෝලීය වශයෙන් අවධානය යොමු කළොත්, ඩිජිටල් අධ්‍යාපනයේ ප‍්‍රගතිය තුළින්
සංවර්ධිත රටවල අධ්‍යාපනය සහ ඌන සංවර්ධිත රටවල අධ්‍යාපනය අතර යම් පරතරයක් නිර්මාණය වෙලා තිබෙනව කිව්වොත් මම නිවැරදියි. වර්තමානයේ ඩිජිටල්කරණය වන අධ්‍යාපනික ක‍්‍රමවේදයන් වෙත සාර්ථකව අනුවර්තනය වෙමින්, මෙම අධ්‍යාපනික පරතරය අවම කරගැනීමට මේ රට සූදානම් බව මම විශ්වාස කරනවා.”

”අධ්‍යාපනය සඳහා තෝතැන්නක් වන එක්සත් රාජධානියේ ක‍්‍රියාත්මක වන අධි තාක්ෂණික සාංවිධානයක විදියට වගේ ම ඩිජිටල් ක‍්‍රමවේද නිර්මාණය සඳහා ඉන්දියාව සමඟ පූර්ව හවුල්කාරිත්වයක් සහිතව ක‍්‍රියාත්මක වන අපට මෙම ක්ෂේත‍්‍රය පිළිබඳව අත්දැකීම් රාශියක් තිබෙනවා. Xample කියන්නෙ  ඕනෑම විෂයයක් පිළිබඳව යම් ශිෂ්‍යයෙකුගේ නිපුණතා මට්ටම මැන බැලීමට හැකියාව තිබෙන සේවාවක්. ශ‍්‍රි ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රය වැඩිදියුණු කරමින්, අනාගත පරපුරට ලෝකයේ හොඳම අධ්‍යාපනික අවස්ථාවන් නිර්මාණයකර දීම අපගේ ප‍්‍රධානතම අරමුණක්.”, යනුවෙන් ඔස්මන්්ඞ් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ශ‍්‍රි ලාංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තව බොහෝ දුර යා යුතු බව පවසන Novelwall ආයතනය Xample මගින් මෙරට අධ්‍යාපනයේ සමස්ත ප‍්‍රමිතීන් ඉහළ නැංවිය හැකි බව අවධාරණය කරයි. අපගේ අනාගත පරපුරේ හැකියාවන් වර්ධනය කරමින්, සාමාන්‍ය අධ්‍යාපන සීමාවෙන් ඔබ්බට යාමට ඔවුන්ට පහසුකම් සැලසීම එම ආයතනයේ අපේක්ෂාවයි.

Novelwall ආයතනය එක්සත් රාජධානියේ සිසුන් සහ විශ්ව විද්‍යාල සඳහා සේවා ලබා දෙන වඩාත් විශ්වසනීය ආයතනයකි. එම ආයතනය අධ්‍යාපනය, අලෙවිකරණය සහ විකුණුම් යන ක්ෂේත‍්‍රවල වසර 100 කට වැඩි පළපුරුද්දකින් සහ අති දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමකින් සමන්විත අලෙවිකරණ ආයතනයකි. ‘සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමේ සමාන අයිතිය ඇත‘ යන තේමාව
ඔස්සේ ක‍්‍රියාත්මක වන Novelwall ආයතනය ශ‍්‍රි ලාංකාවේ අධ්‍යාපන ප‍්‍රමිතීන් ඉහළ නංවමින්, ලෝකයේ හොඳම අධ්‍යාපන මට්ටම්වලට ප‍්‍රවිශ්ඨ වීම සඳහා ශ‍්‍රි ලාංකේය දු පුතුන්ට අවස්ථාව උදාකර දෙයි. Xample හි මෙන් ම Novelwall හි නිර්මාතෘ වරයා වන තුන්කු ඔස්මන්්ඞ්  මහතා එක්සත් රාජධානියේ ව්‍යවසායකයෙකු මෙන් ම ශ‍්‍රි ලාංකිකයෙකු වන අතර, ඒ මහතා සිය මව්බිමේ අධ්‍යාපනික ප‍්‍රමිතීන් ඉහළ නැංවීමේ ඒකායන අරමුණින් මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති බව පැවසිය යුතුම කරුණකි.



අදහස් (4)

XAMPLE මෙරට අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි.

Hashan Sachinthana Friday, 07 January 2022 02:21 PM

මරු . නියමයි

:       0       1

Eranga perera Friday, 07 January 2022 02:29 PM

යහපත් වැඩක් .සුභ පැතුම්

:       0       1

Eranga perera Friday, 07 January 2022 02:35 PM

ඉතා හොඳ වැඩපිළිවෙලක් .ජය වේවා

:       0       1

සිරිල් දන්දෙනිය Sunday, 13 February 2022 03:16 PM

අගනා වැඩක්. ඒත් පාසල් දරුවන්ට ඒ ඒ වයසෙදි ලැබිය යුතු සාමානය විද්‍යා දැනුම ලැබෙන්නෙ නැ. ඇස්බැස්ටස් වහලයට දරුවත් එක්ක නැගලා සරුංගල් යවන තාත්තලා අප රටේ සිටිනවා . ඉන්පසු වහල කැඩිලා දෙතුන් දෙනෙක් මිය යනවා. විදුලිය වැදිලා උපාධිධාරි මනමාලයා මගුල් දිනට පෙරදින රෑ මියයනවා. දරුවන් වැඩිහිටියන් ජලයේ ගිලිලා මැ‍රෙනවා . වැසිකිලි කොන්ක්‍රීට් ලෑල්ල කැඩිලා පාසල් දැරිය මිය යනවා . ජීව විද්‍යාව අමාරුයි කියල පාසල් දැරියන් එල්ලී මියයනව. මේ දේවල් කියා දෙන්නෙ අපේරටේ වැඩිහිටියන් සහ දරුවනුත් පුංචි පුංචි සාමාන්‍ය විද්‍යා දැනුම ලබා නැති බවයි. මෙයට පිළිතුරක් ලෙස පුංචි පුංචි විද්‍යාත්මක කරුනු 15000 ක් ප්‍රශ්න ආකාරයෙන් ගොඩනගා දීර්ඝ පිළිතුර එක්කර මා පොතක් සකස්කරනවා . මෙයින් පළමු 5000 -සැමට සරල විද්‍යාව- නමින් පොතක් ප්රකාශ. කරඇත මෙවැනි පොතක් දරුවනට ලබා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 216 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1531 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1422 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site