ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා හා ආචාර්ය කුමාරි ග්‍රේරු මැතිණිය
සියල්ල දෙවරක් නිර්මාණය වේ යැයි කියනු ලැබේ. පළමුව මනසෙහි ද දෙවනුව යථාර්ථයක් ද වශයෙනි. ලයිසියම් පාසැල ද යථාර්ථයක් වුයේ ඒ අයුරිනි. ඒ ගැන සිතන විට එහි පාසැල සඳහා අපගේ මනසේ සකස් වු සැලසුම් මගේ මතකයට නැගේ. ඒ සිහිනය යථාර්ථයක් වීමට පෙර සිටම ලයිසියම් පාසැල් මාතාව සඳහා විශාල බලාපොරොත්තු අප සතුවිය. පාසැල යනු එහි යටිතල පහසුකම්වලටත් වඩා එහි දරුවන් ඇතුලු පාසැල් ප්‍රජාව බව අපි තේරුම් ගෙන සිටියෙමු. විවිධ දරුවන්ගේ විවිධ කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට උචිත පරිසරයක් හා ගුරු පරපුරක් බිහි කර ගැනීම මුලික අරමුණක් විය. ඉන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කලේ දරුවාගේ සමෘද්ධියයි.
නිර්මාණයක් සාමාන්‍ය තත්ත්වයක සිට අසාමාන්‍ය තත්ත්වයකට ගෙන යා හැක්කේ අසීමිත අධිෂ්ඨානයකින් පමණි. එවැනි අධිෂ්ඨානයක් ඇත්තන් නිහඬව වැඩෙන අතර අනෙක්වා චංචල හිස් ගෙරවීම් පමණක් බවට පත්වේ. අධිෂ්ඨානය ජයග්‍රහණය හා සාර්ථකත්වයට මග පාදන අතර ආරම්භයේ සිටම මෙම ගුණයෙන් පිරිපුන් කණ්ඩායමක් අප සමඟ සිටිම අප පාසල් දරුවන්ගේ සාර්ථකත්වයට මුලික විය.
මේ අනුව අද දින අපට නිහතමානීව පැවසිය හැක්කේ මේ වනවිට, ලයිසියම් පාසැල් මාතාව දිවයිනේ විශාලතම ජාත්‍යන්තර පාසැල් සමුහය බවට පත්වී ඇති බවයි. අප පාසැල් දරුවන්ට ගුණත්මක හා පිරිපුන් දැනුමක් ලබා දීමට අමතරව ඔවුන්ගේ දෘඪ හා මෘදු කුසලතා හා ආකල්ප සංවර්ධනයට අදාළ සියලු මානව හා යටිතල පහසුකම් සැපයීමට අපි උත්සුක වුයෙමු. එමෙන් ම දරුවන්ගේ විනය සඳහා ද ප්රමුඛ ස්ථානයක් ලබා දී තිබේ. මේ නිසාම අප පාසැල් දරුවන් සමාජයට පා තබන්නේ ගුණ නැණයෙන් සපිරි දරුවන් වශයෙනි.
බොහෝ විට අප නවමුව සංවර්ධනය වන්නේ නොදන්නා විෂය පථයකට අවතිරණය වීමේදී ය. වර්තමානයේ මුලු ලොවම කම්පනය කල කෝවිඞ් 19 වසංගතය අභියෝග ඉදිරියේදී ද දු දරුවන්ගේ අඛණ්ඩ සංවර්ධනයක් පවත්වා ගැනීම පිණිස ඵලදායි තාක්ෂණික විසඳුම් සොයා ගැනීමටත්, ක්‍රියාත්මක කිරීමටත් අපි සමත් වීමු. සමස්ථ දේශයම අඟුළු දමා මුලු පාසැල් පද්ධතිය වසා තිබියදී අපි අතාත්ත්වික පන්ති කාමර හරහා අතාත්ත්වික පාසැලක් පවත්වාගෙන ගියෙමු. එමඟින් ලබා දුන් මාර්ගගත දැනුම මගින් දරුවන්ගේ සංවර්ධනය සෑහෙන දුරකට සන්නතව පවත්වා ගැනීමට අපට හැකි විය.
ලයිසියම් නුගේගොඩ 1993 දී
ලයිසියම් නුගේගොඩ 2020 දී
තවද, මේ සංකල්පයට අනුගත වෙමින් මෙකී මාර්ගගත අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට සම්බන්ධ වූ සියලු සිසු දරුවන්ටත්, දෙමාපියන්ටත් අපගේ හද පිරී ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමු. මේ අභියෝගයට මුහුණ දීමේ දී කැපවීමෙන් ක්‍රියාකරන පළපුරුදු අධ්‍යාපනවේදීන් කණ්ඩායමක් සතු වීම අප පාසැල ලැබු ආශීර්වාදයක් විය.
වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් පාසැල් මාතාවගේ ගෞරවය රැක ගනිමින්, දැනුම, ක්‍රීඩාව හා සෞන්දර්ය ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක දෙස් විදෙස් කීර්තිය දිනාගෙන ලක් මවට ද ආලෝකයක් වූ දූ දරුවන් රැසක් බිහි කිරීමට අපි සමත් වුයෙමු. මේ තත්ත්වය වර්ධනය කරනු වස් අනාගත ගෝලීය පුරවැසියන් බිහි කිරීමේ පුළුල් දැක්මක අපි ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු. අප නිර්මාණය කළ පාසැලට වසර 27ක් පිරෙන දින සියලු පාසැල් දරුවන්ට මේ සිතුවිල්ල එකතු කිරීමට අපි කැමැත්තෙමු.
ආරම්භයේදී පුරෝගාමී වු සිසුන්
අපගේ දිවි පෙවෙතට අදාළ සීමා මායිම් අප විසින්ම පනවා ගෙන ඇත. වරින් වර එම සිතුවිලි මාත්රයන්ගේ තේජසින් බැහැර වීමටත් ඉන් ඔබ්බට සිතිමටත් ඉගෙන ගනිමු. අප අසීරු අගනා පරමාර්ථයන්ගෙන් සිත ප්‍රබෝධමත් වූ විට එම සීමා මායිම් හා උදාසීන චිත්ත බලවේග බිඳී ගොස් ඔබ සතු අසීමිත හැකියාවන් අවදිවනු ඇත.
ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු
නිර්මාතෘ/ කළමණාකාර අධ්යක්ෂ
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය - ශ්‍රී ලංකාව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්
2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෙනස : අවස්ථාවක් කර ගනිමු