යුක්රේනයේ ‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය, රුසියානු හමුදා යුක්රේන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා හමුදා කඳවුරක් බවට පත් කරගෙන ඇතැයි යුක්රේනය චෝදනා කරයි.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස සැලකෙන ‘සැපොරීෂා’ වෙත ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් යුක්රේනය සහ රුසියාව දෙපාර්ශ්වයට චෝදනා එල්ල කර ගත්තේය.
රුසියාව ‘සැපොරීෂා’ වෙත රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි යුක්රේනය චෝදනා කළ අතර යුක්රේනය රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි රුසියාව චෝදනා කළේය.
රුසියානු සොල්දාදුවන් 500 පමණක් සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයේ සිටින බවත් රොකට් විදිනයන් එහි ස්ථානගත කර ඇති බවත් යුක්රේනය පැවසුවේය.
සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයට කුමන හෝ පාර්ශවයක් විසින් ප්‍රහාර එල්ල කිරීම සියදිවි හානි කර ගැනීමකට සමාන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේය.
දෙපාර්ශවයේ චෝදනා වල සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂකවරුන්ට සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රවේශය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා තිබේ.
(රොයිටර්)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය රුසියන් හමුදා කඳවුරක්