ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර, ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන්, පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි ෂියා මුස්ලිම් බැතිමතුන් තිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් 45 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කන්දහාර් නගරයේ, 'බීබී ෆාතිමා' පල්ලියේ සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙද්දීය. කන්දහාර් නගරයේ විශාලතම ෂියා මුස්ලිම් දේවස්ථානය වන්නේ මෙම 'බීබී ෆාතිමා' මුස්ලිම් පල්ලියයි.
ඇෆ්ගන් තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක කාරී සයාද් කොස්තී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු දරුණු ප්‍රහාරයක් බවය.
තලේබාන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිපිරුම සිදුවුණු ස්ථානයට ගිය බවත් ඔවුන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා විය. එය අන්තවාදී සුන්නි මුස්ලිම් ත්රස්තයන් එල්ල කළ ප්‍රහාරයක් බව තලේබාන් රජය කියයි. කෙසේ නමුත් තවමත් ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නැත.
මීට හරියටම සතියකට පෙර, පසුගිය 8 වැනි සිකුරාදා ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් 50 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා විය.
එම ප්‍රහාරයේ වගකීම අයි.එස්.කේ. ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබුණි. 'අයි.එස්.කේ' යනු ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ශාඛාවය. කන්දහාර් ෂියා මුස්ලිම් පල්ලියට පහර දුන්නේ ද 'අයි.එස්.කේ' ත්රස්තවාදීන් යැයි තලේබාන්වරු සැක කරති.
(රොයිටර්)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෂියා පල්ලියට බෝම්බ ප්‍රහාරයක්