IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාහුල්ට බංගලාවත් අහිමි වෙයි

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම, ඔහු 2005 වසරේ සිට පදිංචිව සිටි බංගලාවෙන් ඉවත්වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වූ බව ලොක් සභා ලේකම් කාර්යාලය පසුගිය 24 වැනිදා නිවේදනය කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය පසුගිය 23 වැනිදා ලබා දුන් අතර දඬුවමට එරෙහිව අභියාචනා කිරීම සඳහා  අවස්ථාව ලබා දෙමින් එම දඬුවම දින 30 ක කාලයක් අත් හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධි පදිංචිව සිටින බංගලාවෙන් ඉවත් වන ලෙස පවසමින් ලොක් සභා නිවාස මණ්ඩලය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමක් රාහුල් ගාන්ධි ට නොලැබුණු බව ඔහුගේ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. රාහුල් ගාන්ධි යනු ආරක්ෂා කළ යුතු විශේෂිත පුද්ගලයකු බවත් තවත් තැනකට යාම සඳහා ඔහුට යම් කාලයක් අවශ්‍ය බවත් ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසා ඇත.

නම් ප්‍රකාශ කිරීමට අකමැති වුවත් සෑම මන්ත්‍රීවරයකුටම ඔහු හෝ ඇය සිටින නිල නිවස භාර දීම සඳහා මාස තුන, මාස හතර සහ මාස හය වැනි කාල ලැබෙන බවත් රාහුල් ගාන්ධිටත් එවැනි කාලයක් ලැබිය යුතු බවත් කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් රාහුල් ගාන්ධි පදිංචිව සිටින බංගලාවෙන් ඔහු එළඹෙන අප්‍රේල් 23 වැනිදාට පෙර ඉවත් විය යුතු බව ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රාහුල්ට බංගලාවත් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 42 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 38 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 41 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 14 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site