බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 'කොන්සවර්ටිව්' පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඩේවිඩ් එමෙස් ඝාතනය, ත්‍රස්ත ක්‍රියාවක් යැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.
69 හැවිරිදි ඩේවිඩ් එමෙස් ට පිහි ප්‍රහාරයක් එල්ල විය. ඒ, ඔහු ඔහුගේ ආසනය වන දකුණු එසෙස් පළාතේ ලී-ඔන්-සී බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයේ සිය ආධාරකරුවන් හමුවෙමින් සිටිද්දීය.
මන්ත්‍රීවරයාට පිහි ප්‍රහාරය එල්ල කළ 25 හැවිරිදි තරුණයා පසුව පොලිසිය විසින් අල්ලා ගනු ලැබුණි. ඔහු සෝමාලියානු සම්භවයක් ඇති තරුණයකු බව පොලිසිය පවසා තිබේ.
පිහි ප්‍රහාර කීපයක්, ඩේවිඩ් එමෙස් ට එල්ල වුණු බවත්, ඔහු රෝහලට ගෙන යෑමටත් පෙර මියගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඩේවිඩ් එමෙස් සෑම මසකම පළමු සහ තෙවැනි සිකුරාදා දිනවල බෙල්ෆෙයාර්ස් දේවස්ථානයට පැමිණෙන අතර, එහිදී ඔහු ඔහුගේ පාක්ෂිකයන් සහ ඔහුගේ ආසනයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ විමසා බලයි.
තම රාජකාරි අකුරට ඉටු කළ ජනතා ආදරයට පාත්‍ර වූ දේශපාලනඥයකු ලෙස එමෙස් සැලකෙයි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කිරිමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය.
එමෙස් මහජන සේවයට කැපවුණු තැනැත්තකු බවත්, හොඳ මිතුරකු බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ද වන බොරිස් ජොන්සන් පවසා තිබේ. එමේස් පස් දරු පියෙකි.
(රොයිටර්)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්