IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනපතිවරයෙක්

පාර්ලිමේන්තු ඡන්දයකින් සෝමාලියාවේ ජනාධිපතිවරණය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය.

සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, බෙදුම්වාදී කැරැලිකරුවන් සහ සෝමාලි රජයේ හමුදා අතරේ නිරන්තරයෙන් ගැටුම් පවතී.

ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම්, ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් හෝ බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබූ බැවින්, ජනාධිපතිවරයා තෝරා ගැනීම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්දයනේ රහසේ පැවැත්විණි. මෙය සෝමාලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් පිරිහීයෑමක් යැයි බටහිර රටවල් චෝදනා කළේය.

නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ හිටපු ජනාධිපති හසාන් ෂෙයික් මහමුද්ය. 2012 සිට 2017 තෙක් කාලයේ ජනාධිපති ධුරය හෙබවූයේ ද 66 හැවිරිදි හසාන් ෂෙයික් මහමුද්ය.
ඡන්ද විමසුම ආරක්ෂිතව පැවැත්වූයේ හමුදා කඳවුරක් තුළය. ඡන්ද විමසුම පැවැත්වෙද්දී පවා මොගඩිෂු අගනුවර බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 547 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 255 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1502 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 451 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site