ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජෝ බයිඩන් යුරෝපය බලා පැමිණ සිටී. සංචාරයේ පළමු නැවැතුම වූයේ මහා බ්‍රිතාන්‍යයයි.
ජනාධිපති ජෝ බයිඩන්ගේ අට දින මෙම විදෙස් සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, හෙට (11) බ්‍රිතාන්‍යයේ ආරම්භ වන ලෝකයේ ධනවත් රටවල එකමුතුව හෙවත් 'ජී7' සමුළුවට සහභාගීවීමය. ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහභාගී වන පළමු 'ජී7' සමුළුව මෙයයි. හෙට (11) සිට 13 වැනිදා තෙක් පැවැත්වෙන්නේ 47 වැනි 'ජී 7' සමුළුවය.
බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් ද මෙම සංචාරයට එක් වී සිටී. ඊට අමතරව, බයිඩන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් ද සංචාරයට සහභාගී වෙයි.
බයිඩන් ඇතුළු පිරිස රැගත් 'එයාර් ෆෝස් 1' නිල ගුවන් යානය කෝන්වෝල්, නියුකී ගුවන්තොටුපොළට ගොඩබෑවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ බිරිඳ පිළිගැනීම සිදුවූයේ රාජකීය ගුවන් හමුදාවේ ගෞරව මැදය.
බ්‍රිතාන්‍ය සංචාරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ නව බිරිඳ කැරී සිමොන්ඩ්ස් හමුවීමටත්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමටත් නියමිතය.
'ජී7' කණ්ඩායමට අයත් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානයයි. ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවල රාජ්‍ය නායකයන් මෙවර ආරාධිතයෝ ලෙස සමුළුවට සහභාගී වෙති. 'කොවිඩ් 19' වසංගතය හෙයින්, ඇතැමුන් සමුළුවට සහභාගී වන්නේ වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේය.
'ජී7' සමුළුවෙන් පසු ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන 'නේටෝ' මහ සමුළුවට සහභාගී වීමට නියමිතය. 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාවේ ද මූලිකත්වයෙනි. 'නේටෝ' සංවිධානයට අයත් වන්නේ යුරෝපා රටවල්ය. 'නේටෝ' සංවිධානය පිහිටුවීම සිදුවූයේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.
වොෂින්ටනයේදීය (රොයිටර්)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ