IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තලේබාන්වරුන්ට හිස ඔසවන්න දිය යුතු නෑ

තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශවල පළමු කාර්ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවැසීය.

තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක බලය අල්ලාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

තලේබාන් සංවිධානය අල්ලාගත් ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට පෙර ඔවුන්ගේ ගමන අඩාල කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ද එය ඇෆ්ගන් ආරක්ෂක අංශවල මුල්ම කාර්යය යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීය.

ඇෆ්ගනිස්තානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන රැසක් ද තලේබාන් සංවිධානයේ පාලනයට නතු වී තිබෙන මේ හේතුවෙන් එම ස්ථානවල පාලනය නැවත තමන් සතු කරගැනීමට ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ තලේබාන් සංවිධානයට එරෙහිව ඔවුන්ගේ යුද සැලැස්ම වෙනස් කිරීමට සූදානම් වන බව රොයිටර්ස් පුවත් සේවය ඉකුත් දිනෙක වාර්තා කළේය.

කාබුල් ඇතුළු ඉතා වැදගත් ප්‍රදේශවල ආරක්ෂාව වැඩි කිරීමටත්, තලේබාන් සංවිධානයේ පාලනයට නතුව තිබෙන උපායාමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන නැවත අත්පත් කරගැනීමටත්, දේශසීමා හුවමාරුවල ආරක්ෂාව තර කිරීමටත් ඉතා වැදගත් යටිතල පහසුකම්වල ආරක්ෂාව වැඩි කිරීමටත් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සූදානම් වන බව එම වාර්තාවල දැක්විණි.

“ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රධාන නගරවල සහ ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කරමින් සිටිනවා” යැයි ඇලස්කාවේ සංචාරයක නිරත වෙමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීවේය.

“නවත්වනවාද නැද්ද කියන දේටත් මම හිතන්නේ මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම, ඔවුන් ගමන් කරන වේගය අඩු කිරීම” යැයි හෙතෙම කීය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් මත ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිය යුද මෙහෙයුම් අගෝස්තු 31 වැනිදාට අවසන් කිරීමට නියමිත ය.

“ප්‍රගතියක් අත්පත් කරගැනීමට ඇෆ්ගනිස්තානයට හැකියාව සහ ධාරිතාව ඇතැයි තමන් විශ්වාස කළා” යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කීවේය. “අපි බලමු මොකද වෙන්නේ” කියලා යැයි ද හෙතෙම කීය.

(රොයිටර්)



අදහස් (0)

තලේබාන්වරුන්ට හිස ඔසවන්න දිය යුතු නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 126 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 89 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 95 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 861 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site