ඉන්දු සහ ඇමෙරිකානු විදේශීය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
නිශ්චිත දින තවමත් සැලසුම් කර ඇති බවත් කෙසේ නමුත් ලබන නොවැම්බර් මාසයේ දී දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ඉකුත් සිකුරාදා පැවැසීය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් දින තුනක ඇමෙරිකානු සංචාරය අවසන් කරමින් පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එම අදහස් පළ කළේ ය.
සිය ඇමෙරිකානු සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ජෝ බයිඩන් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා කර අතර ඒ අතරවාරයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
අවසන් වරට මේ ආකාරයේ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.
මේ අනුව ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇමෙරිකානු ඒ මට්ටමේ නිලධාරීන් දෙදෙනා වන රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමු වී සාකච්ඡා පැවැත්වීම නියමිත ය.
ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉන්දු-ඇමෙරිකානු ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
(ඒ.එෆ්.පී)
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දු ඇමෙරිකා රාජ්‍ය තාත්ත්‍රික හමුවක්
chandima Tuesday, 14 September 2021 10:51 PM
හුනා කියනවා වගේ කියන්නම් එක්කෝ ඇමරිකාවට වැඩේ දෙන්න නැත්නම් ලංකාවට වැඩේ දෙන්න ඔය ලෑස්තිවෙන්නේ.