IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද (27) ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණීමට නියමිතය. බ්ලින්කන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාව සමඟ එක් වී, කලාපීය වශයෙන් 'කොවිඩ් 19' වයිරස වසංගතය පිටුදැකීමට කටයුතු කළ යුතු ආකාරය ගැනත්, ආසියානු කලාපයේ හිතුවක්කාර අන්දමින් සිය ආධිපත්‍ය පතුරුවන චීනයට මුහුණ දෙන ආකාරය ගැනත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් අතරේත් සාකච්ඡා කිරීමට නියමිතය.

ඊට අමතරව, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් පසු ඇෆ්ගන් රජයට ඉන්දියාවේ සහාය ලබා දීම කෙරෙහි ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙයි.

ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින් මානවහිමිකම් කඩවීම් සිදුවුණු බවට ඉන්දියාවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ ගැන ද ප්‍රශ්න කිරීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව බලා යද්දී පැවැසීය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් හෙට (28) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.

ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය නියෝජනය කරමින් ඉන්දියාවට පැමිණෙන බයිඩන් පරිපාලනයට සම්බන්ධ තෙවැනි ඉහළ පෙළ රාජ්‍ය නිලධාරියා බ්ලින්කන්ය.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් රාජකාරි ආරම්භ කළේ පසුගිය ජනවාරියේය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජෝන් කෙරී පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ නිල සංචාරවල නියැලුණාහ. කාලගුණ විපර්යාස පිටුදැකීම සම්බන්ධයෙන් පත් කළ විශේෂ නියෝජිතයා වන්නේ ජෝන් කෙරීය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 8 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1289 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 18 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 377 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 718 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4199 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site