IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆේස්බුක් මකන්නැයි වට්ස්ඇප් නිර්මාතෘ කියයි

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මකා දමන්නට කාලය පැමිණ ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වට්ස්ඇප් මෘදුකාංගයේ නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් සඳහන් කළේය. 
 
වට්ස්ඇප් මෘදුකාංගය සහ සමාගම දැන් ෆේස්බුක් සමාගමට අයත් වන අතර ෆේස්බුක් සමාගම් 2014 වසරේදී වට්ස්ඇප් සමාගම ඩොලර් බිලියන 19කට මිලදී ගත්තේය. 
 
මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව දැඩි හඬක් නැගී එන අතර ඇමෙරිකාව, යුරෝපා සංගමයේ රටවල් සහ තවත් සංවිධාන රැසක් ඊට එක්ව සිටිති. 
 
ට්විටර් සමාජ ජාලය ඔස්සේ ෆේස්බුක් මකා දමන්න යනුවෙන් ව්‍යාපාරයක් ද දියත් වේ.  
 
ඇක්ටන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ෆේස්බුක් සමාගමෙන් ඉවත් විය. හෙතෙම මෑතකදීම ආරක්ෂිත පණිවුඩ මෘදුකාංගයක් වන ‘සිග්නල්’ හි ඩොලර් මිලියන 50ක ආයෝජනයක් කළ බවත් සමාගමේ පදනමට එක් වූ බවත් නිවේදනය කළේය. 
 
ෆේස්බුක් සමාගමට එහි පරීශිලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දේශපාලකයන්ගෙන් සහ මහජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ අතරම ෆේස්බුක් සමාගමේ වෙළෙඳපොළ අගයද වේගයෙන් පහත වැටී තිබේ. මේ සතියේ මේ දක්වා කාලයේදී පමණක් එහි වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් කඩා වැටිණි.
 
සී.එන්.එන් ටෙක් ඇසුරිනි 

055



අදහස් (1)

ෆේස්බුක් මකන්නැයි වට්ස්ඇප් නිර්මාතෘ කියයි

රෝහන Friday, 23 March 2018 07:00 AM

මම මෙයට සම්පූර්ණයෙන් එකග යි........Facebook හොඳ ට වඩා කරන්නේ නරක . සකර්බර්ග් මුදල් හොයද්දී සමාජය පිරිහීම වේගවත් වෙනවා..................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site