IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති අද (24) ප්‍රසිද්ධියට පත් කළේය. 
 

ලොව ජනප්‍රියතම සහ වැඩිම පරිශීලකයන් පිරිසක් සහිත සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එලෙස එම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද හා පදනම් කරන ලද නීති මෙලෙස ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පළමු වරටය. 
 
ෆේස්බුක් සමාජ ජාලය මාධ්‍ය ජාලයේ තිබෙන නුසුදුසු යැයි කියන අන්තර්ගත සම්බන්ධයෙන් නිරීක්ෂකයන් හෝ එහි පරිශීලකයන්ගෙන්ම එල්ල වන පැමිණිලි භාවිත කරමින් එලෙස අන්තර්ගත වෙබ් අඩවිය තුළින් ඉවත් කෙරුණත් ඊට පාදක කරගන්නා හෝ භාවිත කරන නීති මොනවාදැයි ප්‍රසිද්ධියට පත් කර නොතිබිණි.
 
ෆේස්බුක් සමාගම මෙලෙස පළමු වරට එම නීති ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පිටු 27ක ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කරමින්. බිලියන 2ට වැඩි පරිශීලකයන් පිරිසකගෙන් සන්නද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පසුගිය කිහිපයක කාලයේදී බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්විය. 
 
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල තිබෙන අන්තර්ගත ඉවත් කිරීමේදී ඊට පාදක වූ ප්‍රමුඛතම කරුණු වූයේ වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩකාරී තර්ජන, ලිංගික හිරිහැර හා වදහිංසා යනාදියයි. 
 
ෆේස්බුක් සමාගම මෙම අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද නීති ඇතුළත් ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම සමාගම නැවත වරක් දැඩි විවේචනයට ලක්ව තිබේ. 
 
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගත නිරීක්ෂණය කිරීම සඳහා සේවකයන් 7,500ක් සිටින අතර ඔවුහු භාෂා 40ක් ආවරණය වන පරිදි කටයුතු කරති. 
 
ආගමික, කලාපීය, සංස්කෘතික හෝ භාෂාවකට හෝ පදනම් නොවී අඛණ්ඩව සහ සාධාරණ ලෙස ෆේස්බුක් ප්‍රජාවට සේවා සපයන බවට පොරොන්දු වුවද සමාගම නිරන්තරයෙන් එසේ කිරීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාව සහ මියන්මාරය යනාදි රටවල ඇති වූ වාර්ගික ගැටුම්වලට උල්පන්දම් දෙන සහ ප්‍රචණ්ඩත්වය වපුරන අන්තර්ගතවලට ප්‍රතිචාර දැක්වීමේදී ෆේස්බුක් සමාගමේ අසමත්කම හා ප්‍රමාදය විස්තර කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා පළ කර තිබිණි. 
 
බොහෝ අවස්ථාවලදී නුසුදුසු සහ ෆේස්බුක් සමාගම අන්තර්ගත සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රමිත, නීති හා රෙගුලාසි යනාදිය උල්ලංඝණය කරන ආකාරයේ අන්තර්ගත සම්බන්ධයෙන් ෆේස්බුක් භාවිත කරන්නන් පැමිණිලි කළද ඒවා කිසිදු බාධාවකින් තොරව ඒ ආකාරයෙන්ම පැවැතුණි. 
 
බ්ලූම්බර්ග් ඇසුරිනි
 
055



අදහස් (0)

ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site