ඇමරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරීඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ පදික පාලමක් කඩා වැටීමෙන් 06 දෙනකු මියගොස් 09දෙනකු තුවාල ලබා ඇත.
මීටර් 53ක් පමණ දිග මෙම පාලම ඊට පහතින් තිබූ මංතීරු අටකින් යුත් මාර්ගයට කඩා වැටී ඇති බවත් එහි වාහන අටකට පමණ හානි සිදුවී ඇති බවත් වාර්තා වේ. විදුලි සංඥා කුළුණු අසල වාහන නතර වූ අවස්ථාවේ පාලම කඩාවැටී ඇත.
පාලමට යටවූ පිරිස් සොයා මෙහෙයුම් සිදුකරන බව සහන සේවා කණ්ඩායම් පවසයි.
නවීන තාක්ෂණයට අනුව සීඝ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරමින් පැය හයක් වැනි කෙටි කාලයකින් ගොඩනගා ඇති මෙම පාලම කඩා වැටීමට දින කිහිපයකට පෙර සවි කරන ලද බව පැවසේ.
විශ්ව විද්‍යාලයේ සිසුන්ට එහා මෙහා මාරුවීමට පහසු වීම සඳහා පාලම සවිකර ඇත. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆ්ලොරීඩාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට
Perakum Saturday, 17 March 2018 06:16 AM
ඇමෙරිකානු නවීන තාක්ෂණයට අනුව සීඝ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරමින් පැය හයක් වැනි කෙටි කාලයකින් ගොඩනගා ඇති මෙම පාලම කඩා වැටීමට දින කිහිපයකට පෙර සවි කරන ලද බව කියයි. අපේ ලංකාවේ ගුවන් පාලම් තව හොඳයි.
රවින් Saturday, 17 March 2018 08:19 AM
හැබැයි මේ කියන රට මුළු ලෝකයටම කයිය ගහනවා.. ඒ ගොල්ලන්ට වඩා ලොකු තාක්ෂණික හැකියාවක් ලෝකෙටම නැහැයි කියලා ...