IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


“හිලරි ක්ලින්ටන් ලෝක යුද්ධයක් ඇති කරනවා”

හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධ ප්‍රතිපත්ති නිසා තුන්වැනි ලෝක යුද්ධය  ඇති විය හැකි බව ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.අවධානය යොමු කළ යුත්තේ අයි එස් ත්‍රස්තයින් පරාජය කිරීමට මිස ත්‍රස්තවාදීන්ට එරෙහි රටවල් පරාජය කිරීමට නොවන බව ඔහු පැවසිය.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිපත්ති සැලැස්මේ සඳහන් වන පරිදි සිරියා ජනපති බෂාර් අල්-අසාද්ට විරුද්ධව ක්‍රියා නොකළ යුතු බවත් සිරියා ගුවන් ප්‍රදේශය පියාසර තහනම් ප්‍රදේශයක් කිරීම රුසියාව සමග ගැටුම් ඇති වීමට හේතුවක් වන බවත් ට්‍රම්ප් පවසයි.

මෙහිදී ඔහු තම පක්ෂයේ අර්බුදය හෙළි කරමින් දෝෂාරෝපණයක් සිදු කළේය.රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින්ගේ එකමුතුකමක් නැති බවත් පක්ෂය එක මතයක සිටියිනම් හිලරි ක්ලින්ටන් පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව ඔහු කීය.

 

 



අදහස් (0)

“හිලරි ක්ලින්ටන් ලෝක යුද්ධයක් ඇති කරනවා”

කුමාර මහර Wednesday, 26 October 2016 06:31 PM

ලෝක යුද්ධ ගැන නම් මම දන්නෙ නැහැ. හිලරි නෝනා දිනුවොත් ලංකාවට අපලයි. (නි)

:       0       0

අශිකා Wednesday, 26 October 2016 10:13 PM

ලංකාවේ දේශපාලුවන්ට වගේ හිතුමතේට තීරණ ගන්න ඇමරිකාවේ බැහැ. හිලරිත් මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 20 විතරම දේශපාලනයේ ඉන්න කෙනෙක්. දැන් රටවල් පාලනය කරන වයසකද ඉන්නේ? (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 26 October 2016 08:52 AM

ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් , හිලරි ආවත් ලංකාවට ඇතිවන සුගතියක් නැහැ , අප ඔවුන්ගේ අතකොළුවක් නොවුනොත් , අප ඔවුන් දෙදෙනාගේ පැති අරන් රණ්ඩු වනවාට වඩා , ඔවුන් ඡන්දෙන් පසු ඉන්නා සහ කටයුතු කරනා ආකාරය අනුව අපිත් නොබෙදී , දිනුම පරාජය පිළිගෙන ඡන්දෙන් පසු දෙපැත්තම එකාමෙන් රටවෙනුවෙන් කටයුතු කිරීම මැනවි (අ)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 26 October 2016 02:53 AM

පැරදුනාම ගිහින් කරන කතාවත් ඒ වගේම වේවි. (නි)

:       0       0

ලංකා Thursday, 27 October 2016 04:44 AM

මගේ මතයනම් ඔය දෙන්නම ඇමරිකාවට සහ ලෝකයට හිතකර ජනාධිපති අපේක්ෂකයෝ නොවේ. අවාසනාවකට බෙර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ මූලික ඡන්ද වටයෙන් පැරදුනේ. ඔහු නිර්ධන පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන් කළ කෙනෙක්. (බ)

:       0       0

සොපි Wednesday, 26 October 2016 12:54 PM

අපොයි ඔව් .. මෙයා නවතින්නේ ලෝක යුද්ධයකට පාර කපල තමයි (බ)

:       0       0

නිල්හාන් Wednesday, 26 October 2016 04:27 AM

අනේ මන්දා අපි ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 26 October 2016 02:45 PM

හිලරි නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යුද්ද වලට පක්ෂ නැහැ! ඔය ට්‍රම්ප් කියන කතා මිනිස්සු විස්වාස කරන්නේ නැහැ! (අ)

:       0       0

රජින්ද Wednesday, 26 October 2016 06:53 AM

ට්‍රම්ප් සුළු සුළු දේවල් නිසා ලොකු අපරාධකාරයෙක් ගානට දාල හිතන ඇමෙරිකානුවන් හිලරිගේ කපටි හිනාව සහ ඇය ලෝකයේ අනෙක් රටවල් එක්ක ද්වේශයෙන් ඉන්නා බව නොපෙනීම මොනතරම් අභාග්‍යක්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site