IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හයබූසා 2 යානයෙන් රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබස්වයි

රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබැස්වීමට ජපාන අභ්‍යාවකාශ කාර්යංශය සමත් වී ඇත.

ඇස්ටරොයිඩය වෙත ලඟවී සිටින හයබූසා 2 යානයෙන් මැස්කොට් රෝවරය සාර්ථක ලෙස පතිත කළ බවත් සන්නිවේදන සබඳතා ආරම්භ වූ බවත් වාර්තා වේ.

ඇස්ටරොයිඩයේ පෘෂ්ඨය මත චලනය වෙමින් අධ්‍යයනය කිරීමට මැස්කොට් රෝවරය සැලසුම් කර තිබේ. මේ අනුව එහි ඛණජමය සංයුතිය හා චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධව අධ්‍යයනය කෙරෙනු ඇතැයි පැවසේ.

මැස්කොට් රෝවරය ජර්මන් හා ප්‍රංශ අභ්‍යාවකාශ අංශ ඒකාබද්ධව තැනූවකි.

වසර තුන හමාරක ගමනකින් පසු හයබූසා 2 පසුගිය ජුනි මාසයේ ඇස්ටරොයිඩය වෙත ලඟා විය.

පසුගිය මාසයේදී යානයෙන් රොබෝ ගවේෂකයන් දෙදෙනකු රයුගු වෙත හෙලන ලදී.

   "රයුගුහි ගුරුත්වාකර්ශණය ඉතාමත් අඩු මටිටමකයි පවතින්නේ, මේ හේතුවෙන් මැස්කොට් පතිත වූයේ පාවෙමින්, එය කඩදාසි කොලයක් සෙන්ටිමීටර් 30ක පමණ උසක සිට මේසයක් මතට පතිත වීම හා සමානයි" 

මැස්කොට්ගේ ප්‍රධාන නිරීක්ෂක රැල්ෆ් ජුම්මාන් පවසයි.

(බීබිසි ඇසුරිනි - 085)



අදහස් (0)

හයබූසා 2 යානයෙන් රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබස්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site