IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හිට්ලර් සිටි නිවස රජයට ගන්න යයි

ඔස්ට්‍රියාවේ බ්රුනාවූ ඈම් ඉන් හි පිහිටි ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිවස නාසිවරුන්ගේ වන්දනා භූමියක් වීම වළක්වාලමින් එම ගොඩනැගිල්ල මිලට ගැනීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දැනට විශ්‍රාමික කාන්තාවකට අයිති එම ගොඩනැගිල්ල මිලදී ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් ව්‍යර්ථ විය. එය මිලට ගැනීමෙන් අනතුරව එම ගොඩනැගිල්ලට කුමක් කරන්නේද යන්න තවමත් තීරණය කර නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට එම ගොඩනැගිල්ල මුළුමනින්ම කඩාදැමීමට අවශ්‍ය අතර රජයේ ඉහල තනතුරු දරන අනෙක් අයට එය කෞතුකාගාරයක් හෝ සාප්පු සංකීර්ණයක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වී තිබීමෙන් එම තීරණය මතබේදාත්මක ස්වරුපයක් ගෙන තිබේ.

ගොඩනැගිල්ලේ පරණ නාසි වැකි ලියා තිබෙන අතර බොහෝ පිරිස් ඒ අවට රැස්ව ඒවා කියවති.එමෙන්ම මිට පෙර අවස්ථා කිහිපයක් හේතුවෙන් එම නිවස එරට රජයට හිසරදයක් වී තිබිණි. හිට්ලර්ට ආදරය කරන නාසිවරුන් තවමත් එහි පැමිණෙන අතර එම නිවස ආශ්‍රයෙන් යම් යම් ගැටළු සහගත අවස්ථා කිහිපයක් ඇති විය.

භයානක අතීතය මතක් කරන එවන්   සිහිවටන තබා නොගනිමින් එම ගොඩනැගිල්ලෙන් යහපත් ආකාරයේ ප්‍රයෝජනයක් ගත යුතු බව එරට රජයේ බොහෝ අයගේ මතයයි.

එම නිවාසය මිලදී ගැනීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වූ පසු දේශපාලන,පරිපාලන,ශාස්ත්රාලීය සහ ප්‍රජා සමාජය නියෝජනය වන විද්වත් පුද්ගල කමිටුවක් මගින් එහි අනාගතය තීරණය කෙරෙනු ඇත.



අදහස් (0)

හිට්ලර් සිටි නිවස රජයට ගන්න යයි

සරත් Wednesday, 13 July 2016 12:15 PM

ලංකාවේ ප්‍රභාකරන් හිටපු ගෙදරට මොනවාහරි වුණොත් තමයි මෙයාලා දුක්වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site