කාබුල්හිදීය (රොයිටර්)
ඇෆ්ගන් කැරැල්ලේ භයානකම සහ බලසම්පන්නම කණ්ඩායමක් ලෙස සලකනු ලැබූ හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ ජලාලුදීන් හකානි මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය අද (4) නිවේදනය කළේය.
කලක් තිස්සේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙළුණු බව ද තලේබාන් සංවිධානය සඳහන් කළේය. ජලාලුදීන් හකානි, ‘හකානි’ ජාලය ආරම්භ කරන ලද්දේ 1970 වසරේදීය.
ඉන් වසර කිහිපයකට පසු හෙතෙම එම ජාලයේ මෙහෙයුම් නායකත්වය තම පුතු සිරාජුදීන් හකානිට බාර දුන්නේය. සිරාජුදීන් මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කරන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුගේ හිසට ඩොලර් මිලියන 5ක මුදලක් නියම කර ඇත.
“හකානි දැන් තරමක් මහළුයි. ඔහු කලක් තිස්සේ විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා වින්ඳා” හකානි පවුලට සමීප තලේබාන් මූලාශ්‍රයක් සඳහන් කළේය.
ජලාලුදීන් හකානි ජීවිතක්ෂයට පත්වූ බවට තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කළත් ඔහු ජීවිතක්ෂයට පත්වූයේ කවදාද කොහේදීද යන්න සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළේය. හකානි වසර කිහිපයක් එක්තැන් වී සිටි බව ද තලේබාන් සංවිධානය සඳහන් කර තිබූ නමුත් ඔහුගේ අසනීප තත්ත්වය කුමක්දැයි සඳහන් කර නොතිබිණි.
ඔහුගේ මරණය හකානි ජාලයේ කිසිදු වෙනසක් සිදු නොකරනු ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මොහොමද් රද්මනීෂ් පැවැසීය. පසුගිය දශකයක කාලයේදී මිලේච්ඡ සහ අති බිහිසුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගන් සහ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ හකානි ජාලයට නිරන්තරයෙන් චෝදනා එල්ල කළේය.
“මෙහෙයුම් විදියට බැලුවොත් ජලාලුදීන් හකානිගේ මරණය හකානි ජාලයට බලපෑම් කරන එකක් නැහැ. පසුගිය වසර කිහිපයේ හකානි ජාලයේ ක්‍රියාකාරකම් ප්‍රයෝගික බවට වඩා මතවාදීය ස්වරූපයක් ගෙන තිබෙනවා” යැයි ද මොහොමද් රද්මනීෂ් කීය.
සෝවියට් හමුදා ඇෆ්ගනිස්තාන අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව ඊට විරුද්ධව 1980 දශකයේදී සටන් ව්‍යාපාරයක් දියත් විය. එම කාලයේදී හකානි ප්‍රමුඛ පෙළේ ගරිල්ලා නායකයකු වශයෙන් ඉදිරියට පැමිණියේය. එහෙත් පසුව ඔහු තලේබාන් සංවිධානය හා එක්විය. තලේබාන් සංවිධානය බලයෙන් පහ කිරීමත් සමඟ ඔහු තලේබාන් සංවිධානය හා එක්ව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට එරෙහිව සටන් වැදිණි.
ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ හකානි යැයි පැවසේ. හකානි ජාලය ඉතා හොඳ සංවිධානාත්මක හැකියාවක් තිබූ සංවිධානයක් ලෙස සැලකේ. ඉතා හොඳින් සැලසුම් කරමින් ඇමෙරිකා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම ඉහළ පෙළේ පුද්ගලයන් පැහැර ගැනීම සම්බන්ධයෙන් හකානි ජාලය ප්‍රසිද්ධියක් උසුළයි.
පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල ඇතුළු මර්මස්ථාන පිහිටි ප්‍රදේශයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලද්දේ හකානි ජාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුයැයි විශ්වාස කෙරේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම හකානි මියගිය බවට තොරතුරු වාර්තා වුවද ඒ කිසිවක් සත්‍යය නොවීය.
055
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හකානි සන්නද්ධ ජාලයේ නිර්මාතෘ මියයයි