(ස්වාසිලන්තයේ ම්බබානේහිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු බ්‍රහස්පතින්දා (19) නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ලෝකයේ පූර්ණ රාජාණ්ඩු පාලනයක්සහිත රටවල් අතළොස්ස අතරින් එකක් වන ස්වාසිලන්තයේ නම මෙලෙස වෙනස් කිරීමට එරට රජු තීරණය කර තිබේ.
‘ඊස්වාටිනි’ යන්නේ තේරුම ‘ස්වාසියේ ස්ථානය’ යන්නයි. ‘ඊස්වාටිනි’ එසේත් නැතිනම් ස්වාසිලන්තය දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර පිහිටි භූමියෙන් වට වූ කුඩා භූමි ප්‍රදේශයකි.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ බොහෝ රටවල් එම අවස්ථාවලදී ඔවුන්ගේ රටවල නම වෙනස් කළත් වසර 60කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි ස්වාසිලන්තය 1968 දී නිදහස ලැබූ අවස්ථාවේදී ඔවුන්ගේ රටේ නම වෙනස් කිරීමට කටයුතු නොකළේය.
මන්සිනි නගරයේ පැවැති නිදහස් දින උත්සවයේදී ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව එරට තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.
“මම ස්වාසිලන්තයේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරනවා” යැයි රතු පැහැති යුද ඇඳුමින් සැරසී සිටි තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.
(055)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2401
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වාසිලන්තයේ රජු රටේ නම වෙනස් කරයි
Ruwan Friday, 20 April 2018 05:46 AM
අපේ රටේ හිටපු නායකයා මේ උත්සවයට යන්න ඇති නිරිෂකයෙක් විදියට.
de silva Friday, 20 April 2018 06:52 AM
මෙතුමා අපේ හිටපු රජතුමාගේ හිතවත් රජ කෙනෙක්නෙ ,
Jerami Friday, 20 April 2018 09:07 AM
සුදුසුම නම "මිහින්ලන්තය"...
බණ්ඩාර Friday, 20 April 2018 11:28 AM
දැන් රාජපක්ෂ පවුලේ ස්වාසිලන්තේ තිබුණු හොර ගිණුම් අහෝසියි. ඒ මොකද එහෙම රටක් දැන් නෑ. එමනිසා රනිල්ට දැන් තවත් ලේසියි.
දමිත Friday, 20 April 2018 06:31 PM
අපේ සමහරු ස්වාසීලන්තයට සමච්චල් කළාට කැනඩාව ඇතුළු පොහොසත් රටවල් ගණනාවකට යන්නට ස්වාසීලන්ත පුරවැසියන්ට වීසා අවශ්‍ය නෑ.
Rasi Sunday, 22 April 2018 02:02 PM
හිටපු ජනාධිපතිතුමාගේ ගජ මිතුරෙක්...