IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සෙල්ෆි ගන්න ගිය සිසුන් දෙන්නා ගඟට බිලි

ඉන්දියාවේ සිසුන් දෙදෙනෙකු  ගංගාවක සෙල්ෆි ගැනීමට ගොස් දියේ ගිලි ජිවිතක්ෂයට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ රාම්පුර් දිස්ත්‍රික්කයේ කෝසී ගංගාවේ ප්‍රචණ්ඩ දියවැල් සහිත ජලයේ මැදට ගොස් සෙල්ෆි ගැනීමට ගොස් මෙම අනතුර සිදු වී තිබේ. සිරුරු සොයා ගැනීමට පැයකට වඩා කාලයක් ගත වූ බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා ඇතුළුව සිසුන් පිරිසක් එම ගංගාවේ චාරිකාවක් සදහා ගොස් ඇත. එම පිරිස ගංගාවේ දිය නෑ බවත් එම චාරිකාවට සහභාගී වූ 12 දෙනෙකු ආරක්ෂිතව සිටි බවත් සදහන් වේ.

ඒ අසල පිහිටි වාන් දොරටුවක් විවෘත කිරීම හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩ ජල පහරක් නිසා මෙම අනතුර සිදුවූ බව ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර තිබේ.  එම ගංගාව නිතර පිටාරගැලීම් වලට ලක්වයි.

ඉන්දියාවේ මිට පෙර අවස්ථා කිහිපයකදී සෙල්ෆි ගැනීමට ගොස් කිහිප දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.

මීට පෙර ඉන්දියාවේ යම් යම් ස්ථාන වල සෙල්ෆි ගැනීම තහනම් කෙරුණු අතර යම් ස්ථාන සෙල්ෆි ගැනීමට අනතුරුදායක ස්ථාන ලෙස නම් කෙරිණි. මුම්බායි පොලිසිය විසින්ද ස්ථාන 15ක් එලෙස නම් කෙරිණි.



අදහස් (0)

සෙල්ෆි ගන්න ගිය සිසුන් දෙන්නා ගඟට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site