පැරිස්හිදීය (ඒ.එෆ්.පී)
සිරියාවේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් රසායනික ප්‍රහාර එල්ල කළ පිරිස්වලට එරෙහිව පියවර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇතුළු රටවල් 29ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ අද (23) ප්‍රංශයේ පැරිස් නුවරට එක්රැස් වූහ.
ඔස්ට්‍රියාවේ වියානා සහ රුසියාවේ සෝචිහිදි සිරියානු අර්බුදය විසඳීම් අරමුණින් සාකච්ඡා පැවත්වීමට නියමිතව තිබෙන අවස්ථාවක මෙම හමුව පැවත්වේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ජෝන් යීව්ස් ලේ ඩ්‍රියෝන් මෙම සාකච්ඡාවාරයේ සම සත්කාරත්වය හොබවති.
සිරියානු රජයේ හමුදා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික අවි භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වීමත් සමඟ සිරියාවේ රසායනික අවි භාවිතයට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවන ලදි.
සිරියානු රජයට රුසියාවේ සහ ඉරානයේ සහාය හිමිවන අතර පැරිස් හමුව ආරම්භ වීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවේ රජයේ ක්‍රියාකාරකම් පාලනය කරන්නැයි ද රුසියාවට අවධාරණය කළේය.
055
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ රසායනික ප්‍රහාරවලට එරෙහිව රටවල් 29ක්
Gihan Wednesday, 24 January 2018 03:05 AM
හිතට දුක ඇති රුසියාවේ පාර්ශව යුද්දෙ දිනපු එකට. ලංකාවට වෙච්ච එකේ අනිත් එක තමා ඒ.
Sirithunga Wednesday, 24 January 2018 03:07 AM
ඒ අයම රසායනික අවි ගහලා, ඒ අයම නඩුත් දානවා.