රකාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
සිරියාවේ රකා නුවර අයි.එස් සංවිධානයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සටන්කාමීන් සමත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය අද (17) නිවේදනය කළේය.
අයි.එස් සංවිධානයේ සිරියාවේ ප්‍රධානතම නගරය වූයේ රකා නුවරයි. අයි.එස් සංවිධානය 2014 වසරේදී ට්‍රක් රථ පෙළකින් ගමන් කරන ලෝ ප්‍රකට ඡායාරූපය ගනු ලැබුයේද රකා නුවරදීය. රකා අහිමි වීම අයි.එස් සංවිධානය ලැබූ දරුණු පරාජයක් යනුවෙන් ද හඳුන්වා දී තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සිරියාවේ, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය කුර්දි හා අරාබි සටන්කාමීන් එක්ව පසුගිය ජූනි මාසයේ සිට අයි.එස් සංවිධානය සමඟ සටන් වදයි. මෙම හවුලට ඇමෙරිකා හිතවත් බටහිර රටවල සහාය ද හිමි ව තිබේ. රකා නුවරදී අයි.එස් සංවිධානය පරාජයට පත්කළ සටන්කාමීන් ජයඝෝෂා නැගූ බවටත් සටන්පාඨ කියූ බවටත් වාර්තා විය.
පසුගිය ජූනි මාසයේ සිට ගත වූ මාස හතරක කාලයේදී රකා නුවරින් සියයට 90ක ප්‍රදේශයක බලය හිමි කරගැනීමට ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු සටන්කාමීහූ සමත්වූහ. කෙසේ නමුත් සිවිල් වැසියන් දහස් ගණනක් සිර වී සිටීම නිසා පසුගිය සතියේදී සටන් තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. ඒ අනුව දෙපාර්ශය අතර ගිවිසුමක් අත්සන් තැබුණු සිවිල් වැසියන්ට නගරයෙන් ඉවත්ව යෑමට අවස්ථාව සැලසුණි.
එහිදි අයි.එස් සංවිධානයේ සිටි සිරියානු ජාතිකයෝ සහ ඔවුන්ගේ පවුල් ද නගරයෙන් මෙන්ම අයි.එස් සංවිධානයෙන් ද ඉවත්වූහ. අවසානයේදී නගරයේ ඉතිරි වූයේ අයි.එස් සංවිධානයට බැඳුණු විදෙස් සටන්කාමීන් 300කට ආසන්න පිරිසකි.
අයි.එස් සංවිධානය 2014 වසරේදී ඉරාකයත් සිරියාවත් කේන්ද්‍ර කරගනිමින් මුස්ලිම් රාජ්‍යයක් ‘කලිෆාවක්’ ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සිරියාවේ අගනගරය වූයේ රකා නුවරයි. අයි.එස් සංවිධානය ලොව අගනගරවලට එල්ල කරන ලද ප්‍රහාර රැසක් සැලසුම් කරන ලද්දේ ද රකා නුවර පිහිටි කඳවුරුවල සිටය.
055


2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියානු සටන්කාමීහූ අයිඑස් සංවිධානයෙන් රකා මුදා ගනිති
ධනුෂ්ක Friday, 20 October 2017 02:37 AM
දැන් රකා මුදාගන්න සිරියානු රජයෙ හමුදාවට තව යුද්ධයක් කරන්න වෙයි