IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිරියානු යුද්ධය නැවැත්වීම නව අදියරකට

සය අවුරුද්දක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධය නැවැත්වීමේ ක්‍රියාවලිය නව අදියරකට පිවිස ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි මහතා සහ තුර්කි නායක රෙසෙප් තායිප් එර්දොගාන් මහතා හමු වී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රුසියානු නායකයා එම කරුණු කීවේය. මන්දගාමී වී තිබෙන සිරියානු සාම ක්‍රියාවලියට නව පණක් දීමට ඉරාන හා තුර්කි නායකයන් මැදිහත් විය යුතු යැයි ද රුසියානු නායකයා එම හමුවේදී අවධාරණය කළේය.

ඉරාන හා තුර්කි නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජනාධිපතිවරයා සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ඉදිරි දින කිහිපයේදී සිරියානු ආණ්ඩු පාර්ශවය හා විපක්ෂ නායකයන් අතරේද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලදී දෙපාර්ශවයම එකඟතාවකට පැමිණීම අත්‍යාවශය කරුණක් යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් මහතා පුටින් අවධාරණය කරෙ තිබේ.

 (ඒ.එෆ්.පී-055)



අදහස් (0)

සිරියානු යුද්ධය නැවැත්වීම නව අදියරකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site