පාපන්දු ලෝක කුසලාන අතරවාරයේදී ලිංගිකත්වය පදනම් කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා ‘සරාගී කාන්තාවන්’ට වැඩි අවධානයක් නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විකාශන සේවාවලට නියෝග කර තිබේ.
මේ අනුව ‘සරාගී කාන්තාවන්’ වැඩි වශයෙන් නොපෙන්වන්නැයි ද ඒ දෙසට වැඩි වැඩියෙන් කැමරා එල්ල නොකරන්නැයි ද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසලානය විකාශය කරන්නන්ට නියෝග කර තිබේ.
ලිංගික ජවනිකාවල පෙනි සිටී හිටපු ‘පෝන් ස්ටාර්’ නිළියක වන නතාල්යා නෙම්චිනෝවාට මෙහිදි වැඩි අවධානයක් යොමු වූ අතර ඇය පාපන්දු ලෝක කුසලානයේ සිටි සරාගීම ප්‍රේක්ෂිකාව යනුවෙන් ද නම් කර තිබිණි.

එමෙන්ම මෙහිදි එංගලන්ත, ක්‍රොඒෂියා සහ ප්‍රංශ පාපන්දු ක්‍රීඩාකයන්ගේ බිරින් ඳෑවරුන්ට සහ පෙම්වතියන්ට ද වැඩි අවධානයක් යොමු වූ තිබිණි. පාපන්දු තරග අතරවාරයේදී ඔවුන් දෙසට වැඩි වශයෙන් කැමරා යොමු විය.
මේ තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විවිධත්වය සම්බන්ධයෙන් කටයුතු කරන අංශයේ ප්‍රධානි ෆෙඞ්ඩ්‍රිකෝ අඩිචී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘සරාගී කාන්තාවන්’ දෙසට කැමරා එල්ල කිරීම නවත්වන්නැයි නිල විකාශන සේවාවලට පවසා ඇත.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති සහ සම්මතවලට අනුව ලිංගිකත්වයක් පදනම් කරගනිමින් සිදුවන වෙනස්කොට සැලකීම්වලට කිසිදු ඉඩක් නැතැයි ෆෙඞ්ඩ්‍රි
කෝ පවසා තිබේ.
‘ස්වාධීන විකාශයන්ට මෙන්ම අපේ සත්කාරක සහ සම්මේලනය සමඟ කටයුතු කරන විකාශන සමාගම්වලට අපි මේ බව දැනුම් දී තිබෙනවා” යනුවෙන් ද ෆෙඞ්ඩ්‍රිකෝ සඳහන් කර තිබේ. ‘වැරැදි දේවල්වලට එරෙහිව අපි පියවර ගන්නවා’ යැයි ද ෆෙඞ්ඩ්‍රිකෝ තවදුරටත් පවසා ඇත.
ඬේලිමේල්
055


2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සරාගී කාන්තාවන් නොපෙන්වනලෙස විකාශන සේවාවලට නියෝග