ඇමෙරිකාවේ අලෙවි කරන ලද සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර පිපිරීමට ලක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නීති ආයතනයක් සැම්සුන් ආයතනයට විරුද්ධව නඩුවක්ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.මෙම දෝෂය නිසා තුවාල හෝ දේපළ හානි සිදු විය හැකි බව එම ආයතනය පවසයි.
මිට දින කිහිපයකට පෙර සැම්සුන් නෝට් 7 දුරකථනයේ ද මෙවන් ම දෝෂයක් ඇති වූ අතර එම දුරකථනය මේ වන විට භාවිතයෙන් ඉවත් කරන ලෙස සැම්සුන් ආයතනය දැනුම් දී තිබේ.
2011 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන යන්ත්‍ර මෙම දෝෂය සහිත බව ඔවුහු පවසති.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර සමහර පැමිණිලි මිලදී ගත් දිනයේම ලැබී ඇත.ඊට අමතරව මිලදීගෙන අවුරුදු ගණනකට පසුවත් පිපිරීම් ඇති වී ඇතැයි පැමිණිලි ලැබී ඇත.මෙම දෝෂය සහිත යන්ත්‍රය අධික ලෙස දෙදරීමට ලක් වන බව ද සදහන් වේ
මේ අතර ඇපල් අයිෆෝන් 7 දුරකථනයක් පාරිභෝගිකයෙකු වෙත ප්‍රවාහනය කරමින් තිබියදී පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එය ප්‍රවාහනයේදී සිදුවු දොෂයක් නිසා පුපුරා ගිය බව පෙනෙන්නට ඇති බව වාර්තා වෙයි.
මෙම පුවත ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිරී යන අතර සැම්සුන් නෝට් 7 දුරකථනය මෙන් දෝෂයක් ඇතැයි සිතා බොහෝ පාරිභොගිකයින් බිය වී ඇති බව විදෙස් මාධ්‍ය කියයි. එසේ දෝෂයක් නොමැති බවත් මීට අමතරව කිසිම පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නැති බවත් බලධාරීහූ පවසති.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැම්සුන් රෙදි සෝදනයට අපලයක්
ජයතු - අරාබිය Friday, 30 September 2016 11:53 AM
සැම්සුන් වලට නරක දසාවක් ලබලා වගේ. ? (ර)
සෑම් Friday, 30 September 2016 08:12 AM
මේ ප්‍රශ්නයට වොෂින් මැෂින් රීකෝල් කරන්න පටන් අරන් දැන් වසර දෙකතුනක් වෙනවා . දැන දැනත් ප්‍රශ්නකාරී යන්ත්‍ර නිපදවා වෙළඳ පොලට යැවූ නිසා මේ ප්‍රශ්නය තව කලකට ඉවර වෙන්නේ නැහැ (බ)