IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්පාඤ්ඤයට එන සංක්‍රමණිකයන් තුන් ගුණයකින් වැඩිවෙයි

මේ වසරේ දී මුහුදු මාර්ගවලින් ස්පාඤ්ඤයට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව තෙගුණයකින් වැඩි වී ඇතැයි ස්පාඤ්ඤයේ සංක්‍රමණිකයන් සඳහා වූ කොමිසම සඳහන් කරයි.    
 
පසුගිය වසර හා සැසඳීමේදී එම සංඛ්‍යාව තෙගුණයකින් වැඩි වී ඇතැයි ද වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඇල්ජීරියාව සහ මොරොක්කෝව යන රටවලින් යැයි වාර්තා සඳහන් කරයි. මුහුදු මාර්ග ඔස්සේ ස්පාඤ්ඤයට පැමිණීමට උත්සහා කළ පිරිස් අතුරින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 
 
ස්පාඤ්ඤය සංක්‍රමණිකයන් සඳහා ආරක්ෂාව සහ දේශපාලන රැකවරණ ලබාදීමේ අයිතිවාසිකම සුරකීම සඳහා ප්‍රතිඥා දී තිබෙන රටකි. සංක්‍රමණිකයන් සඳහා වූ කොමිසමක් පත් කර තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. එම කොමිසම වර්ෂ අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් එම ඉහත කරුණු ප්‍රකාශ කර තිබේ. 
 
මුහුදු මාර්ග ඔස්සේ ස්පාඤ්ඤයේ දකුණු දිග තීරයට මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා කාලයේදී පැමිණ ඇත්තේ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 21,500කි. මෙම මුහුදු තීරය නැගෙනහිර යුරෝපීය සංක්‍රමණිකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් මුහුදු තීරයකි. පසුගිය වසරේ එම කාලසීමාවේදී ස්පාඤ්ඤයට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 6,046කි.
 
බෝට්ටු මගින් හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ ස්පාඤ්ඤයට පැමිණීමට උත්සහා කිරීමේදී මියගිය හෝ අතුරුදන් වූවනගේ සංඛ්‍යාව 223ක් බවත් පසුගිය වසරේදී එම සංඛ්‍යාව 95ක් වූ බවත් සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.
 
(ඒ.එෆ්.පී 055) 



අදහස් (2)

ස්පාඤ්ඤයට එන සංක්‍රමණිකයන් තුන් ගුණයකින් වැඩිවෙයි

Nuwan Saturday, 30 December 2017 03:48 AM

ජීවිත තර්ජනයක් එද්දී අසල්වැසි රටවල් ගණනාවක් පහුකරලා යුරෝපයේ රටකටම දුවන සරණාගතයෝ ඉන්නේ...

:       0       25

ranjith Saturday, 30 December 2017 02:06 PM

ඔවුන්ට ඒ සඳහා මිල ගෙවන්නට සිදු වෙයි අනාගතයේදී. ඔය සරණාගතයන් ලෝකයටම ඇණයක්. මුස්ලිම් අන්තවාදීන් මුස්ලිම් රටවල කලබල ඇති කරලා මුස්ලිම් පිරිස දියුණු රටවලට සරණාගතයන් ලෙස යවනවා. එතකොට එම රටවල මුස්ලිම් ජනගහනය වර්ධනය වෙනවා. ටික කාලයකට පස්සේ එම රට මුස්ලිම් කරන එ්ක තමයි අන්තවාදීන්ගේ සැලැස්ම. ඔය සරණාගතයන් සෞදි අරාබියට, කුවේටයට ඩුබායි වැනි දියුණු මුස්ලිම් රටවලට යවන්නේ නැත. ඇයි ඒ රටවල් දැනටම මුස්ලිම් නිසා. එ්ක මුස්ලිම් දියුණු රටක් එක සරණාගතයෙක් වත් බාරගන්නේ නැත. නමුත් මුස්ලිම් සරණාගතයින් මුස්ලිම් රට වලට යන්නේ නැත... ගියත් බාරගන්නේ නැත. ලණුව කන්නේ බටහිර රටවල් ටිකයි.

:       32       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site