IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සඳ මත ධ්‍රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ පවසති

චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ධ්‍රැව අයිස් තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි හමුවි ඇතැයි විද්‍යාඥයෝ පවසති.

උත්තර හා දක්ෂිණ ධ්‍රැව දෙකේම එම අයිස් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරන අතර ජාත්‍යන්තර විද්‍යා සඟරාවක (Proceedings of the National Academy of Sciences)මෙම තොරතුරු පළකර ඇත.

සඳ ගවේෂණය සඳහා යොදවන ලද ඉන්දියාවට අයත් චන්ද්‍රයන් - 1 නම් යානයෙන් 2008 සහ 2009 යන වර්ෂ වලදී ලැබුණු දත්ත මගින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇත.

සඳේ එක් පැත්තක උෂ්ණත්වය ඉතා වැඩි වුවද අඳුරු පැත්තේ ධ්‍රැව වල උෂ්ණත්වය සෘණ අගයක් ගනියි. මෙවැනි ස්ථාන වල පිහිටි ආවාට තුළ අයිස් නිධි පැවතිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.

කෙසේ වුවද සඳ මතුපිට ප්‍රමාණවත් අයිස් තිබේ නම් එය ඉදිරි කාලයේ මිනිසා සඳට යැවෙන මෙහෙයුම් වලදී ජලය ලබා ගැනිමේ ප්‍රභවයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව පැවසේ.

බුධ ග්‍රහයාගේ ද මෙවැනි ධැව අයිස් පවතින බව මිට පෙර අණාවරනය විය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සඳ මත ධ්‍රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ පවසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site