
සෞදි අරාබියේ සල්මාන් රජු පිත්තාංශයේ ඇති වූ ඉදිමුමක් හේතුවෙන් අද (20) රෝහල් ගත කළේය.
මේ හේතුවෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ද කල් දැමීමට සිදුව තිබේ. සල්මාන් රජු 2015 වසරේ සිට සෞදි අරාබිය පාලනය කරයි.
සෞදි අරාබිය යනු ලොව විශාලතම තෙල් අපනයනය කරන රට වන අතර අරාබි කාලපයේ විශාලතම ආර්ථිකය ද වේ.
‘‘සල්මාන් රජු ල රියාද් නුවරිකින්ග් ෆයිසාල්’ රෝහලට ඇතුළත් කළාග ඔහුගේ පිත්තාශයේ ඉදිමුමක් ඇතිවෙලා තියෙනවාග රජු වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කිරීමට නියමත’’ යැයි රජ මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කෙසේ නමුත් එහි ඊට වඩා වැඩි විස්තරයක් නොදැක්විණි.
ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා කදේමි අද (20) සෞදි අරාබියේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ අතර සල්මාන් රජු රෝහල් ගත කිරීමත් සමඟ එම සංචාරය අවලංගු කර ඇත.
‘‘ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයක ඉතා වැදගත් සංචාරයක්ග එය සාර්ථක සංචාරයක් බවට පත් කර ගත යුතුයිග රජු රෝහල් ගත කිරීමත් සමඟ අපි මෙම සංචාරය කල්දැමීමට තීරණය කළාග අපේ නායකත්වයත් ඉරාකයේ අපේ සහෝදරවරුත් එක්ව එය තීරණය කළා.
රජු රෝහලෙන් නික්මෙන තුරු අපි මෙම සංචාරය කල්දමනවා’’ යැයි සෞදි විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් කුමරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මුස්තාෆා කදේමි ඉරාකයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරය ලෙස ඔහු මෙලෙස සෞදි අරාබියට පැමිණීමට නියමිතව තිබිණි.
‘‘මෙම සංචාරය කල්දැමීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළාග ඉදිරි දිනයකදී මෙම සංචාරය සිදුවෙනවා’’ යැයි ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉරාක අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර එරට තෙල්ල මුදල්ල විදුලිබල සහ සැලසුම් යන අමාත්‍යවරු ඉරිදා (19) සෞදි අරාබියට පැමිණියහ.
එම සාකච්ඡා අද දිනයේදී අවසන් වීමට නියමිත අතර එම අමාත්‍යවරුන් සියලු දෙනා නැවත ඉරාකයට පැමිණීමට නියමිතය.
සෞදියේ සල්මාන් රජුගේ පාලනය යටතේ සෞදි අරාබිය තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු වු අතර කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් ද හිමිවියග එමෙන්ම එම පාලනය යටතේ සෞදිය තරමක දැඩි විදෙස් ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය.
එපමණක් නොව සෞදිය මේ වනවිට අසල්වැසි යේමනය සමඟ යුද්ධයකට ද පැටළී ඇත.
අර්ධ සොහොයුරකු වූ අබ්දුල්ලා රජුගේ අභාවයත් සමඟ සල්මාන් රජු, ඔටුන්න හිමිකරගත්තේ ය.
සල්මාන් රජුල රජකම අත්හැර ඔහුගේ බාල පුත් මොහොමඩ් බින් සල්මාන් ට රජකම ලබාදීමට සූදානම් වන බව 2017 වසරේදී වාර්තා වියග එහෙත් සල්මාන් රජු එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු වන්නේ මොහොමඩ් බින් සල්මාන් කුමරු යග සල්මාන් රජු සිටියද රටේ තීන්දු තීරණ ගන්නේ මොහොමඩ් බින් සල්මාන් කුමරු යැයි ද පැවසේ.
ඒ.එෆ්.පී
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියේ සල්මාන් රජු රෝහල් ගත කරයි